වාර්ෂික රතු කමිස මංගල්‍යය


කොහෙද ගැණියේ මගේ රතු කමිසේ?
ගිය අවුරුද්දේ ගලවල දාපු තැනම ඇති!

Advertisements

පූනම්ට බඩු පැකට් වෙයි…ඉන්දියාවේ බලාපොරොත්තු සුන් වෙයි…


සිදුවීමට යන යම් නීති විරෝදී වැඩක් පිලිබදව හෝඩුවාවක් ලැබුණු විට පොලීසියෙන්  කරනුයේ FIR (First Information Report ) එකක් ගොනු කීරීමයි.  බලරම්පූර් පොලීසිය පූනම් පාන්ඩේට විරුද්දව අසභ්‍යත්ව චෝදනා මත FIR එකක් ගොනු කර ඇත්තේ අදිකරණ අනසකට යටත්වය.

මෙය දැනගත් පසු ඉන්දියානු පිලේ චිත්ත ධෛර්යය දුර්වල ඇති බව ආරංචි වන අතර, ඇතැම් ආරංචි මාර්ග පවසනුයේ ඉන්දියානු පිල අද දින පවතින ලෝක කුසාලනයට ක්‍රීඩා කිරීමවත් ෂුවර් නැති බවත්ය, මන්ද ඔවුන් මෙතෙක් කල් ක්‍රීඩා කර ඇත්තේ හපුටු කටු බොඩියක් බලා පොඩි ආතල් එකක් ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් නිසාවෙනි. එහෙත් සංගක්කාර ඇතුළු ගෝල බාල රොත්ත අද සැදී පැහැදී සිටිනුයේ ගීතා කුමාරසිංහයන් පිළිබද සිහින සැබෑ කර ගැනීමටය. පූනම් මෙන් නොව, ගීතා ඇඟේ  නූල් පොටක් වත් නොමැතිව ගාලු පාරේ බම්බලපිටිය හන්දියේ සිට අරලිය ගහ මන්දීරය දක්වා  දිවීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසයි. මෙය පිලිබදව කල කරුණු විමසීමකදී ය පවසා සිටියේ, මෙච්චර කාලයක් රාජ්‍ය සේවය පිණිස ගේම් දුන්න මට ඕව කජ්ජක් නොවන බවයි. ගීතාගේ දේශමාමක ක්‍රියා පිළිබද ආරංචි වී ඇති ජෝකොලයින්ද ලංකා කණ්ඩායම දිනුවොත් තමන්ගේ හෙලු වේල්ල ලොව හමුවේ තබන බවට දිවුරා පොරොන්දු වී තිබෙනවා. හෙලුවෙලි කතා දසත රැව් දෙද්දී ඒ හඩින් අවදී වී සිටින අපේ දකුණේ  දිරිය කත වන අනර්කලී ද තමන් නිරුවත් වන බව ප්‍රකාශ කර ඇත. මෙය ඇසීමෙන් කෝප වී ඇති දකුණේ  ජනතාව පවසා ඇත්තේ ඔවුන්ගේ කුණු ප්‍රශ්නය උග්‍රවී මුළු ගාල්ලම දැනටත් ගඳ ගසමින් පවතින බවත්, තවත් ගන්දස්සාරය  වැඩි කරන දේවල් සිදුවුවහොත්  තමන් වීදි බස උද්ගෝෂණය කරන බවත්ය.

මේ අතර අපේ මහා රජතුමාණෝ  ඉන්දියාවේ දෙවොලකට ගොස් අප කණ්ඩායම වෙනුවෙන් සෙත් පතා පූජාවක් කර ඇත. හොරාගේ අම්මගෙන් පේන අසනවිට අම්ම හරියට කියන්නා සේම ඉන්දියාවේ පූජකයන් අපේ කණ්ඩායමටත් නියමට සෙත් පතා ඇති බව නම් ෂුවර්.

කෙසේ වෙතත්, ඉන්දියානු පූජකයන්ගේ ආණු බාවයෙන්, පූනම් ගෙන් කටු බොඩියේ ආනුබාවයෙන්, ගීතාගේ වක්කඩේ ආණු බාවයෙන් අද දින ලංකාවට කප් එක ගැනීමට හැකි වේවායි පතමි!


පූනම් පාන්ඩේ ගේ නිරුවත පරදන්න ලංකාවෙන් ගීතාගේ නිරුවත!


1.) පූනම් පාන්ඩේ නිරුවත ප්‍රදර්ශනය කරන්ඩ මෙච්චර ලැස්ති වෙලා ඉන්නේ ඉන්දියාවේ පරාජය පිළිබද එච්චරටම ෂුවර් එකක් තියන හන්දාවත්ද?
2.) ඉන්දියාව දිනුවත් ඉන්දියානු නීතිය යටතේ ප්‍රසිද්දියේ නිරුවත් වීම නීතියෙන් තහනම් දෙයක් නොවේද?
3.) ලංකාව දිනුවොත් ගීත කුමාරසිංහ නිරුවත් වේවිද?


පඩ නීතියක්!


මේ දින වල බ්ලොගොස්ෆියරේ විවිද මට්ටමෙන්, විවිද තරාතිරම්වල, විවිද වූ වර්ගවල පඩ ගදවල් පැතිර යන සමයක්. හොඳ පඩ, ගද පඩ, පඬි පඩ, පොඩි පඩ ආදී  නා විද වූ පඩ ගඳින් සන්ත්රුප්තව  ගන්දස්සාරයෙන් වල්මත් වෙන තරමටම දුගද උත්සන්න වී තිබුනේ අපේ ඉස්කෝලේ පරණ ලැට් එක මතක් වෙන තරමටය. ඒ අස්සෙන්  ටිකක් පරණ පුවතක සදහන් වී තිබුනේ ( 2011 පෙබරවාරි) මලවි රටේ පොදු ස්ථාන වල පඩ ඇරීම තහනම් කිරීමට නීති සකස් කරන බව එරට අදිකරණ අමාත්‍ය චපොන්ඩ  මහතා ගුවන් විදුලි වැඩසටහනකට සහබාගි වෙමින් ප්‍රකාශ කර තිබුන බවය.  පුවත් පත් වලින් නම් වාර්තා වී තිබුනේ ජනතාව මෙයට පඩ අරිමින් විරුද්ද වූ බවයි. ඔවුන්ගේ පඩ සද්දෙට (සමහර විට ගදටත් වෙන්ඩ ඇති) කලබලයට පත්වුණු අදිකරණ අමාත්‍ය චපොන්ඩ  මහතා තමන් කල ප්‍රකාශය වහාම ඉල්ලා අස් කරගන ඇත. පුවත් පත් සදහන් කරන්නේ එරට සොලිසිටර ජනරාල් වරයා විසින් චපොන්ඩ  මහතාට ඊටත් වඩා ලොකු පඩයක්ද  දමා ඇති බවයි.  තවටිකක් වැඩේ  දුර දිග ගියා නම් අර ජස්මින් විප්ලවය වගේ මලවියේ පඩ විප්ලවයක් පටන් ගන්නවා. කෙසේ වෙතත් පඩ කතා හොයන විට ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේද බ්‍රහස්පතින්දාට සවස හයෙන් පසු පොදු ස්ථාන වල පඩ ඇරීම තහනම් බව සදහන් වෙනවා. සමහර වෙලාවට පඩ බද්දක් තිබ්බොත් හොඳයි  කියලත්  හිතෙන්නේ එක එකාගේ පඩ කතා අහගෙන ඉන්න වෙන විටයි.  අනුන්ගේ ප්‍රශ්චාත්බාග මට්ටමේ තමන්ගේ නහය  පිහිටෙන කුරු මිට්ටන් නම් මෙවැනි තහනම් වලට අනිවාර්යෙන් හුරේ දමනු ඇත.     කැලණිය පැත්තට මේවා ආරංචි වුනොත් නම් පඩ වලට  බඩු ෂුවර්!

ඒ අස්සෙන් අර වාසිටි කුරුටු ගී පොතේද කොහෙද මෙහෙම කතාවක්  තිබ්බ කියල පොඩි මතකයක් තියනවා.

කාලය පඩයකි, ගියොත් ගියාමයි. ආදරය පඩයකි ගියොත් ගියාමයි. ජීවිතයත් පඩයකි ගියොත් ගියාමයි.


ලහිරුගේ ගීතයේ පද රචනයට වගකිව යුත්තා නලින් ද සිල්වා බව හෙළි වෙයි!


ජනපති ලහිරුගේ ක්‍රිකට් ගීතය තහනම් කර ඇත. එහි තහනම, නිල ක්‍රිකට් ගීතය ලෙසද නැතිනම් සහමුලින්ම මාධ්‍ය තහනමක්ද කියා නම් නොදනිමි. සමහරු ලහිරුටත්, ගීතය ලියපු මනුරන්ගටත් ඇති වන්නට බැන ඇත. එය “නිර්මාණාත්මක භාවයක් නැති, මලක් ඇදගත් එවුන්ට මිසෙක වෙන කෙනෙකුට රසවිඳිය නොහැකි තරමට බංකොලොත්, හරසුන්, ගෝත්‍රවාදී, ගීතයක්” ලෙසද හදුන්වන්න සිටිති. මොවුන් සලකන හොඳ සිංහල ගීත මොනවාද? මොවුන් මෙතන ගෝත්‍රවාදී ලේබලය අද ගන්නේ ඔවුන්ගේ සිවිල් අවශ්‍යතා ඉටු කරගැනීමට මිස වෙන කෙන්ගෙඩියකට නොවේ. ඔවුන්ගේ මෙම සන්ධර්බය යටතේ, මොවුන්ට අනුව නම් ඉතින් අමරදේවයන්ගේ රත්න දීප ජන්ම බූමි සින්දුවත් ගෝත්‍රවාදී සින්දුවක් විය යුතුය (එහි ආදී සිංහලේ වීර දූපුතුන් ගැන කතා කරන නිසාවෙන්) (තවත් බොහෝ දේශාභිමානි ගීත වලට ඔවුන්ට අනුව වර්ගවාදී ලේබෙල් ගැසෙනු ඇත, ඒවත් තහනම් කරන්න කියා ඉල්ලන දවස වැඩි අතක නොවේ). කලක් “උඩ රට කඳුකරයේ” ගීතයත් ලංකාවේ තහනම් වූ ගීතයක් වූ බව මතක තියා ගන්ඩ.
කොහොම හරි අන්තිමට බලනකොට ලහිරුගේ ගීතය ලියල තියෙන්නේ නලින් ද සිල්වා . කියන්ඩ දෙයක් නැති විට කොහෙන් හරි ගිහින් මැක්කව මතක් වෙන හැටි තමයි ඉතින්. මෙතන තියන ප්‍රශ්නය ලහිරුගේ ගීතයේ  තහනම නොවේ, කොහොම හරි තමන්ගේ වර්ගවාදී අදහස් ජනතාව අතරට ගෙන ඒමට දරන වැයමයි. වර්ගවාදයට විරුද්ද වෙමු යනුවෙන් සටන් පාට කියන්නන් තෙරුන් නොගන්න දේ ඔවුන්ද වර්ගවාදය පතුරන බවයි. මොවුන් කතා  කරන බහු සංකෘතික වාදී අදහස් යල් පැන ගොස් හපුටු වූ අදහස්ය. මෙවැන්නෝ එවැනි ගතානුගතික ගොබ්බ අදහස් දැරීම පිලිබදව කිසිම පුදුමයක් නම් නැත. මහා රැඩිකල් මත දාරීන් ලෙස පෙනී සිටින්නට උත්සහ දරන මොවුන් දොඩවන්නේ දශක කීපයකට පෙර බටහිර ලෝකේ රැඩිකල් යැයි ලේබල් ගසා ගෙන බණ දෙසපු උන්ගේ බණ නැවත විකාශය කිරීමක්ය. සිංහල-බෞද්ද සංස්කෘතිය මෙන්ම දෙමල-හින්දු සංස්ක්රුතියන්ටද පහර ගසන්නෝ මොවුන්ය. මොවුන් නිසා අප රටේ ඇති විවිදත්වය (දැනටත් නැත්තටම  නැතිවී හෝ දියාරු වෙමින් පවතින,  සංස්කුතිකමය, දේශපාලනිකමය, අද්යාපනිකමය, ආධ්‍යාත්මික) වෙනුවට බටහිරයන්ගේ ක්‍රිස්තියානි-යුදෙව් සංස්කෘතිය  ආදේශනය වනු ඇත (දැනටත් එය වී හමාර වුනත්, මරු පහර තවමත් වැදී නැත).
ගීතයක තිබිය යුතු ගුණාංග අතුරෙන් ශබ්ද රසය ඉහල තැනක් ගන්නවා. මෙම හේතුව නිසාවෙන් ගීත/සින්දු/music  විශ්ව භාෂාවක් ලෙසත් හදුන්වනවා.  ශබ්ද රසය මෙන්ම ගීතයක වචී රසයකුත් තිබිය යුතුය. ලහිරුගේ ගීතයේ පලවෙනි ගුණය කොච්චර තිබ්බත් දෙවැන්න නම් ඇත්තෙම නැති තරම්. නමුත් එහි ඇති වචන වලින් මට නම් පලක් නැත, එය තවත් ගීතයක් පමණයි.

ප.ලි- භාතිය- සන්තුෂ් -ඉරාජ් ගොය්යල සමාරම්බක උළෙල මැද්දේ නටපු නාඩගමට වඩා  නම් ලහිරුගේ ගීත මට හොඳයි.


දොර අරින්නෙපෝ…ජැස්මින් දොරකොඩ!


මැදපෙරදිගින් හමාගෙන ආපු  “ප්‍රජාතන්ත්‍රවාදයේ” පඩ ගඳ දැන් අපේ ළඟටම ඇවිත්.  අන්තර්ජාලය හරහා ජැස්මින් විප්ලවයක් චීනයේත් කරන්ඩ ගිහින් කීප දෙනෙක් හිර බාරයට අරගෙන. ඉන්දියාවේත් කට්ටිය කුල්ලප්පු වෙලා. උද්දමනය අඩු කරන්ඩ කියල උද්ගෝෂණය කරනවා. වැඩි දවසක් යන්නට මත්තෙන් ටිල්වින් අය්යලයි, හෙනරාලගේ තොල්කයෝ රැලයි ලංකාවෙත් විප්ලවයක් කරන්ඩ නොගත්තොත් තමයි පුදුමේ. ටිල්වින් අය්යල  එකතු  වෙලා රට  දෙපාරක්  පස්සට ගෙනිච්ච. තමන්ගේ වාසි තකා මේවට සහය පල කරන්ඩ… උඩ ගෙඩි දෙන්ඩ නම් ඕන තරම් ඉන්නවා. අහු වෙන්ඩ නම් එපෝ! අපේ ගොබ්බ මිනිස්සු ඕන ගොන් කතාවකට ඉතින් හූරේ දාන බූරු රැලනේ, අනර්කලීලාට, පබාලට චන්දෙ දුන්න ජාතියක් ගැන කතා කරලා වැඩක් නෑ.


දෙමල ඩයස්පෝරා මිත්‍යාව සහ එයට හුරේ දමන්නන්


ජෙනරාල් ජගත් ජයසූරිය, “Strategic Dimensions of Cyber Warfare” යන තේමාවෙන්   ‘Cyber Warfare Workshop – 2011 හිදී ප්‍රකාශ කර ඇත්තේ ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද්දය භෞථික වශයෙන් අවසන් වී ඇතත් සයිබර් අවකාශයේ යුද්දය තවමත් අවසන් නොමැති බවයි.  කීප වරක් යුද හමුදා නිල වෙබ් අඩවියටද ප්‍රහාර එල්ල වී ඇති අතර,LTTE  මතදාරීන් විසින් තම අදහස් සයිබර් අවකාශය පුර විහිදුවමින් ලංකාවේ කීර්තිනාමය පලුදු කරන්නට වෑයම් කරන බවත් පවසා ඇත.
“Cyber Warfare ”  යන්න අර්ථ දක්වා ඇත්තේ, “actions by a nation-state to penetrate another nation’s computers or networks for the purposes of causing damage or disruption.” (එක රටක් මගින් තවත් රටක පරිගණක ජාලයක් අඩපන කරන අරමුණින් ජාලයට ඇතුල්වීම වශයෙන් දල වශයෙන් පරිවර්තනය කල හැක.) අපේ ප්‍රශ්නයේදී, රටවල් දෙකක් නොමැත. ඇත්තේ ගොනාට අන්දපු, ඇඳගන තාමත් නටන, “දෙමල ඩයස්පෝරාව” නමැති විකාර පදයක් තුරුලට ගත සීමිත පිරිසකි. අනෙක් කරුණ නම් මෙතන වැඩිපුරම හානිය සිදුවන්නේ ජාලගතව වෙබ් අඩවි අඩපන කිරීමෙන් නොව දෙකයි පනහේ ගොබ්බ අදහස් සීනි බෝල වදන් වලින් ජනතාව හමුවට ගෙන එමෙන්ය.
කවුද මේ “දෙමල ඩයස්පෝරාව”? ඩයස්පෝරාව යන වචනය කලින් බාවිතා වී තිබෙන්නේ රටින් පිටුවහල් කොට, නැත්තම් රටට යම් හේතු නිසා ඇතුල්විය නොහැකිව තිබුණු පිරිස් සදහායි. මෙතනදී දෙමල ඩයස්පෝරාව යන ප්‍රෝඩාකාරී වර්ග කිරීමට අයත් වනුයේ එවැනි පිරිසක්ම නොවේ. දෙමළෙක් පිට රටක සිටි පමණින් දෙමල ඩයස්පෝර සාමාජිකයෙක් වෙනවද?  උන්ගේ පුද්ගලිග අවශ්‍යතාවන්ට පිටරටවල් වලට ගිහින් එහෙන් හොඳට කාල කාලා, ලංකාව පැත්තට පුක උල්ලුක්කලා තමයි පඩින්න හදන්නේ. එහෙම පඩින එවුන් නම් එමටයි. සංජන හත්තොටුව කියන පුද්ගලයාගේ ගොබ්බ groundviews වෙබ් අඩවියත් එහෙම පඩින්නම හදපු කකුස්සියක් වගේ.

The Tamil Diaspora and the Future of the Tamil Struggle නමින් පලවන ලිපියක ගල් පැලෙන ගොබ්බ කතා දුසිම් ගානට හුව දක්වල තිබ්බ. එය ලියන ලද කතෘ නිර්මනුසන්  බලසුන්දරම්  නමැති තැනැත්තා, යුද්දය විකුණ කන කපුටෙක් මිසක් වෙනකෙකු නොවේ. තම බඩගෝස්තරය රකින්න මිනිහෙක්ට කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තිබිය යුතුය. ඔහු පිටරට ගොස් බඩවියත රක ගන්නේ යුද ගිනි දැල් විකුනමින්ය.  ඔහුගේ ලිපියේ මුලින්ම ඔහු මෙසේ සදහන් කරයි,

What constructive action can be taken by the Tamil Diaspora to build a better future for the Tamil nation?

මොකක්ද මේ ඔහු කතා කරන දෙමල රට? ටැමිල් නේෂන් ? දෙමල රටක් ඇත්තනම් සිංහල රටකුත් තියනවද? එතකොට මුස්ලිම් රටකුත් තියනවද? මෙවන්නන්ගේ අදහස් පිලිබදව මීටත් වඩා කතා කල යුතුද?බෙදුම්වාදය කවුද ගෙනෙන්නේ? මෙවැන්නන් හදන්නේ ප්‍රභාකරන් මැරිලත් ඔහුගේ අදහස් තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොවේද? මොවුන් නොවේද ත්‍රස්තවාදය මුලයන්?
මම දැක්ක ලඟදි “මුස්ලිම්” යනුවෙන් තමන් හදුන්වාගන්න බ්ලොග් අඩවියක්. බොහෝ පිරිසක් මොහුට බන වැදී තිබු ආකාරයත්, එම බ්ලොග් අඩවිය තහනම් කල යුතු ආකාරයත් දැක්ක. එක සැරයක් හාමුදුරු නමක් පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබ්බ තවත් මෙවැනි බ්ලොග් අඩවියක් තහනම් කරන්ඩ කියල. තේරුම් ගත යුත්තේ මෙවැනි බ්ලොග් අඩවි බලන්නේ, බන්නින්න බලන කට්ටිය පමණයි, එකෙක්වත් මේවට හොඳ කොමෙන්ට් ගහනවද? එක පුද්ගලයෙක් තමන්ගේ පෞද්ගලික ආතල් එකට මොකක් හරි එකක් ලියල දැම්මහම අපි කුලප්පු විය යුතුද?
නමුත් groundviews වෙබ් අඩවියට පිවිසෙන පිරිසත්, එහි ඇති ලිපි කියවන පිරිසත් දෙස බලන විට එය ලොකු පණිවිඩයක් ලොවට දෙන බව පේනවා. මෙතෙක් අප දැක ඇති පරිදි ඔවුන් දෙන පණිවිඩ ජාති වාදී, ත්‍රස්ත වාදී, මූලධර්ම වාදීය. තහනම් කරනවානම් තහනම් කලයුත්තේ මෙවැනි වෙබ් අඩවිය.

බලසුන්දරම්ගේ ලිපිය  පුරාවට තියෙන්නේ දෙමළුන්ට ලංකාවේදී වෙච්ච අකටයුතු කම් ගැනය. දෙමළුන් උතුරේ මැරුණු හැටිය. ත්‍රස්තවාදීන් විසින් ලංකාවේ ආර්ථිකය කඩා වට්ටව, මුළු ජනතාවම අසරනත්වයට පත් කරපු හැටි වත්, මරාගෙන මැරෙන කොටීන් අසරණ දුවා දරුවන් මරපු හැටිවත්, ලංකාවේ නායකයින් එකින් එක නැති කර දමා රට අරාජික කරන්නට හදපු හැටිවත් සදහන් කරන්නේ නැත.

ඔහු මෙහෙම ප්‍රශ්න කරනවා.


This begs the question, what is the role of the Tamil Diaspora–who remain a voice of voiceless as they are connected to the kith and kin back home?
හඩක් නැති ලංකාවේ දෙමළුන්ට හඬක් විය හැකි “දෙමල ඩයස්පෝරාවේ” කාර්ය බාරය කුමක්ද?

මෙයට හොඳ පිළිතුරක් පාටකයෙක් තබා ගොස් තිබ්බ,

“Wait for a few years and see. The Tamil Diaspora may still be craving Eelam, but Sri Lankan Tamils will be too busy enjoying life to remember it.”

තව ටිකක් ඉවසන්න, දෙමල ඩයස්පෝරාව, ඊලාමය වෙනුවෙන් තවත් කෑගසනු ඇත, නමුත් ලංකාවේ දෙමළුන් ජීවිතය විඳිමින් ඊලාම විකාරය අමතක කරනු ඇත.

මොහුගේ ලිපිය වදනින් වදන හුවා දක්වමින් කරුණු පැහැදිලි කල හැකි නමුත්, එසේ කිරීමෙන් වන්නේ මගේ කාලය නාස්ති වීම පමණකි. එය එතරම්ම ගොබ්බ ලිපියකි.

groundviews නම් වෙබ් අඩවිය පුරාවටම ඇත්තේ මෙවැනි කොටි පක්ෂපාති ලිපි පමණකි. ඔවුන්ට අවශ්‍ය , ලංකාවට විතරක් නොවේ, සිංහල බෞද්ද සංස්කෘතියටද කෙල කිරීමටය. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ මත ප්‍රකාශ කිරීමේ අයිතියතිය ඇත. ඔවුන්ටත් එම අයිතියම  ඇත. ඔවුන්ට එසේ ලිවීමේ අයිතිය ඇති සේම අපටද ඔවුන්ට එරෙහිව ලිවීමේ අයිතිය ඇත.  බොහෝ දක්ෂ බ්ලොග් කරුවන් ඉන්න මේ සිංහල බ්ලොග් අවකාශයේ අනෙක් පිරිස්ද මෙවැනි දේවල් පිළිබදවද තම සිත් සතන් අවදි කරනු ඇතයි  සිතමි. ලියන්නා කෙසේ ලීවත් කියවන්න සිහිබුද්දියෙන් කියවිය යුතුය.


ප.ලි : කලින් වතාවක සදහන් කරන ලද දෙයක් නැවතත් සදහන් කල යුතු යැයි සිතුනා. සිංහල -බෞද්දකම වර්ග වාදී/ගෝත්‍රවාදී  අදහසක් යනුවෙන් කරුණු දක්වන්නෝද අද බොහොමයි. නමුත් මෙහි ඇති වර්ගවාදයක්/ගෝත්‍රවාදයක් නැත. එය වර්ගවාදයක් ලෙස සලකන්නෝ බලන්නේ වර්ගවාදී/ගෝත්‍රවාදී උපැස් අතරින්ය. සිංහල -බෞද්ද යනු දෙමල- හින්දු  සේම ලංකාවේ උප සංස්කෘතියක්ය. එම සංස්කෘතියන්ට ආවේනික ගුණාංග රැක ගැනීම ඒ ඒ සංස්ක්රුතියන්ට අයත්වන පුද්ගලයන්ට පමණක් නොව මුළු ලෝකයේම වගකීමයි. දේදුන්නක් ලස්සන වන්නේ එහි ඇති විවිද පාට හන්ද වාගේම රටක් ලස්සන වන්නේද සංස්කෘතියන්ගේ විවිදත්වයෙන් පෝෂණය වූ විටය. යමෙක් එම සංස්කෘතියන් විකෘතියන් බවට පත් කිරීමට යත්න දරන්නේ නම් එයට විරුද්ද විය යුතුමය. ඇතැමෙක් මෙම බලවේගයන් සිංහල ජාතිවාදය, දෙමල ජාතිවාදය වැනි නම් වලින් ලේබෙල් ගැසීමට  පුරුදු වී සිටින නමුත් තේරුම් ගත යුතු වන්න දෙමල හෝ සිංහල ජාතිවාදී මුහුණත් පසු පස ඇත්තේ බල ලොබී දේශපාලන න්‍යාය පත්‍ර බවය.


හෙනරාල් වෙනුවෙන් අපි! (පරණ කතාවක්)



මැද පෙරදිග ඩොමිනෝ පෙරලීම


ටුනීසියාව හා  ඊජිප්තුවෙන් ඇරබි “ප්‍රජාතාන්ත්‍රවාදී” ප්‍රවාහය දැන් මුළු මැද පෙරදිගම ගිල ගනිමින් පවතී. අද වන විට එය බහරේනයටද පැතිර ගොස් ඇත. එහි පවතී උද්ගොෂණයකින් 5 දෙනෙක් මරණයට පත්වී ඇත. ලිබ්යාවේ ගඩාෆිට විරුද්දව facebook , twitter හරහා සයිබර් ප්‍රහාර ගොඩ ගැසෙමින් පවතිනවා. ඒවාට විරුද්ද වත්  රාජ්‍ය පාක්ෂිකයෝ උද්ගෝෂණය කරමින් පවතිනවා. යේමනයේද තත්වය එසේමයි. ක්‍රමයෙන් මුළු මැද පෙරදිගම අද වන විට සෝදාපාලුවට ලක්වෙමින් පවතිනවා. මාද්යන් විසින් ඇමරිකානු අදිරාජ්යාවාදී ගිනි සිලුවලට පෙට්රෝල් දමමින් පවතිනවා. කලක් අප රටේ පවති යුද්දයද සිදු වුනු “මානව හිමි කම් උල්ලන්ගනද”, ගැන පුදුම කහිල්ලක් තිබුණු al jazeeraawa මෙහිලා බාර දූරය කටයුත්තක් කරනවා. ඇමරිකාවේ දෙබෙඩි පිළිවෙත් කෙසේද කියතොත්, වරෙක මුදලින්, තුටු පඬුරින්, සොදුරු වදනින් සංග්‍රහ කරන ලද මුබාරක්, එක පාරටම කළු පාට  යකෙක් වුනා. මේක මහා විහිළුවක්.

මාද්‍ය පාලනය කරන්නේ යුදෙව්වන්ය. ඔවුන්ට ඕන විදියට ඔවුන් මාද්‍ය ප්‍රකාශ විකෘති කරමින් පවතිනවා. zukerberg යුදෙව් ඒජන්තයෙක්  විදියටත් හංවඩු ගහන්ඩ සමහරු පසු බට වෙන්නේ නෑ. goldman sachs ආයතනය (යුදෙව්වන්)  විසින් facebook හි කරන ලද මිලියන 500 ආයෝජනය පිටුපස ඇත්තේ මේ zionist වාදී න්‍යායපත්‍රයක්ද. ලෝකයම බටහිර ක්‍රිස්තියානි වාදයෙන් යටපත් වුනු යුදෙව්වාදයේ ගොදුරු බවට පත් වෙමින් පවතිනවා.


වීනූ වෙත්තමුණි සහ වල් සුද්දියෝ


(මිය ගිය පුද්ගලයෙකුට කිසිම අවලාදයක් මා කරන්නේ නැත. මා එසේ කරනවා යයි කවරෙකු සිතුවාටද මට කම් නැත)
මා ඇය හදුනන්නේ නැත. දැක නැත. චිත්‍රපට නිළියක්ද වත් කියා දන ගත්තේ පුවත් පත් වලින්ය. මෙවැනි දෙයක් ලිවීමට ඇත්තෙන්ම කිසිම උවමනාවක්ද නොතිබි මාහට මෙහෙම කැහිල්ලක් ආවේ කොහොමද?

ගොබ්බ පණ්ඩිතයන් ගොන් කතා ජාල ගත කරනකොට පොඩි කැහිල්ලක් එනවා. මෙදා පාර ඒ අන්කවරෙකුවත් නොවේ අපේ හිතාදර ශාස්ත්රුවරයානන්ය. ඔහු මෙහෙම කියනවා,
‘සරාගී සිංහල චිත‍්‍රපට ගණනාවක රඟපා ඇති නිළියක වන විනූ වෙත්තමුණි’
ඉහත සඳහන් කළේ ලංකා ටෲත් වෙබ් අඩවියේ ඝාතනයට ලක් වූ නිළි විනූ වෙත්තමුණි පිළිබඳ සඳහන් වන ආකාරයයි.
මේ වනාහි ඇය ‘හොඳ චරිතයක්’ ඇති ගැහැනියක නො වන බව වෙනත් බසකින් කීම සඳහා යොදා ගත් යෙදුමකි

මට නම් එහෙම දෙයක් තේරුනේ නැහැ නේ ලංකා ට්‍රූත් එකේ ලිපියෙන්. බලාපන්කෝ මූටත් තේරෙන තරම අහ්හ්…!
විනි වෙත්තමුණි හොඳ චරිතයක් ඇත්ද නැත්ද කියන එක බලන මනුස්සයාට සාපේක්ෂ වූවකි. ඇතැමෙක්ට මා වලත්තයෙකු ලෙසේ පෙනුණු නමුත් තවත් සමහරුන්ට මා පෙනෙන්නේ ඇති ශුද්ද වන්ත තීන්ත කුප්පියක් ලෙසයි. මෙවැනි බක පණ්ඩිතයන් තෙරුන් ගත යුත්තේ තමන්ට සාපේක්ෂ රාමු තුලට අනෙකුන් බලෙන් අද ගන්වා ගත නොහැකි බවයි. තමුන්ට මේ ඉස්ත්රීය වල් ගෑනියෙක් ලෙස පෙනුනේ නම් එය  ඔහුගේ වරදක් මිසක් ඒ ගනිගේ වරදක් වත් ලංකා ට්‍රූත් හි වත් වරදක් නොවේ. මෙලොවෙහි කිසිම දෙයක් වාස්තවික (objective ) නොවේ. එය පුද්ගල සාපෙක්ෂයට නිතෙතින් ගොදුරු වන්නෙකි. මෝඩ පරයෝ මේක තෙරුන් ගනින් උඹේ බොරු පොට්ට දනවාදී talks දෙන්ඩ කලින් (මූට දනවාදය නිකන් අර මැක්ක වගේ නේ බන්..රෙන්නෙත් දනවාදය නිසා කියල කිව්වේ නැත්තම් තමයි පුදුමේ.).

අපේ මහා ලොකු දර්මද්වීපයේ තත්වය මෙයයි. පරය වගේ එවුන් ගැහැනුන්ට ලේබල් ගහල මහා ලොකු සමාජ විපර්යාස කරනවා. ගැහැනියෙක්ට පාරේ බැහැල යන්ඩ බෑ පොඩ්ඩක් කොටට අන්දලා, වටේම ඉන්න පිරිමි ටික තියන එව්වා උලුක් කර ගෙන (ඇති මගුලකුත් නෑ) හූ මිටි දිදී යන්නේ. තුක් නුදකින් මුන් වගේ හැතිකරයක්. අනේ අම්මපල්ල…ලංකාවේ 6 න් පස්සේ යන්න පුලුවන්ද ගෑනු ළමයෙක්ට තනියම? අපේ නංගී කෙනෙක්ව තියා අම්මවත් පාරේ යවන්ඩ පුලුවන්ද අද කාලේ. මේක ලංකාවේ විතරක් නෙවෙයි, මම ඉන්දියාවේත් දැක්ක දෙයක්. බස් එකක ගැනියෙක්ට යන්ඩ පුලුවන්ද කොහෙවත් නැති හඩු පොල්ලකින් ජැක් එකක් නොවැදී. එත් ඇමරිකාව වල් සුද්දියෝ සේරම එළියේ දාගෙන යස අගේට රෑ 9-10 විතරක් නෙවෙයි උදේ 2-3 ටත් යස අගේට යන්නේ… මෙහෙ ඉන්න පිරිමි මාර හොඳ පොරවල් වෙන්ඩ ඇති නේ… ෂාහ්! අන්න මිනිස්සු. වල් සුද්දෝ කියල ජාතියක් නැද්ද මන්ද. එතකොට… අපේ ධර්මද්වීපයේ ඉන්නේ වල් කොල්ලෝ… මේ මිසදුටු සධාචාරයක් නැති රටේ ඉන්නේ හොඳ කොල්ලොද?

ප.ලි : මේ විපර්යාසයට හේතුව පහදා දීමට වෙනම පෝස්ටයක් ලිවීමට සිතා සිටි නමුත්, මට වඩා බොහොම පැහැදිලි ලෙස උත්තරයක් මෙන්න මෙතන ලබා දී තිබෙනවා.