වීනූ වෙත්තමුණි සහ වල් සුද්දියෝ


(මිය ගිය පුද්ගලයෙකුට කිසිම අවලාදයක් මා කරන්නේ නැත. මා එසේ කරනවා යයි කවරෙකු සිතුවාටද මට කම් නැත)
මා ඇය හදුනන්නේ නැත. දැක නැත. චිත්‍රපට නිළියක්ද වත් කියා දන ගත්තේ පුවත් පත් වලින්ය. මෙවැනි දෙයක් ලිවීමට ඇත්තෙන්ම කිසිම උවමනාවක්ද නොතිබි මාහට මෙහෙම කැහිල්ලක් ආවේ කොහොමද?

ගොබ්බ පණ්ඩිතයන් ගොන් කතා ජාල ගත කරනකොට පොඩි කැහිල්ලක් එනවා. මෙදා පාර ඒ අන්කවරෙකුවත් නොවේ අපේ හිතාදර ශාස්ත්රුවරයානන්ය. ඔහු මෙහෙම කියනවා,
‘සරාගී සිංහල චිත‍්‍රපට ගණනාවක රඟපා ඇති නිළියක වන විනූ වෙත්තමුණි’
ඉහත සඳහන් කළේ ලංකා ටෲත් වෙබ් අඩවියේ ඝාතනයට ලක් වූ නිළි විනූ වෙත්තමුණි පිළිබඳ සඳහන් වන ආකාරයයි.
මේ වනාහි ඇය ‘හොඳ චරිතයක්’ ඇති ගැහැනියක නො වන බව වෙනත් බසකින් කීම සඳහා යොදා ගත් යෙදුමකි

මට නම් එහෙම දෙයක් තේරුනේ නැහැ නේ ලංකා ට්‍රූත් එකේ ලිපියෙන්. බලාපන්කෝ මූටත් තේරෙන තරම අහ්හ්…!
විනි වෙත්තමුණි හොඳ චරිතයක් ඇත්ද නැත්ද කියන එක බලන මනුස්සයාට සාපේක්ෂ වූවකි. ඇතැමෙක්ට මා වලත්තයෙකු ලෙසේ පෙනුණු නමුත් තවත් සමහරුන්ට මා පෙනෙන්නේ ඇති ශුද්ද වන්ත තීන්ත කුප්පියක් ලෙසයි. මෙවැනි බක පණ්ඩිතයන් තෙරුන් ගත යුත්තේ තමන්ට සාපේක්ෂ රාමු තුලට අනෙකුන් බලෙන් අද ගන්වා ගත නොහැකි බවයි. තමුන්ට මේ ඉස්ත්රීය වල් ගෑනියෙක් ලෙස පෙනුනේ නම් එය  ඔහුගේ වරදක් මිසක් ඒ ගනිගේ වරදක් වත් ලංකා ට්‍රූත් හි වත් වරදක් නොවේ. මෙලොවෙහි කිසිම දෙයක් වාස්තවික (objective ) නොවේ. එය පුද්ගල සාපෙක්ෂයට නිතෙතින් ගොදුරු වන්නෙකි. මෝඩ පරයෝ මේක තෙරුන් ගනින් උඹේ බොරු පොට්ට දනවාදී talks දෙන්ඩ කලින් (මූට දනවාදය නිකන් අර මැක්ක වගේ නේ බන්..රෙන්නෙත් දනවාදය නිසා කියල කිව්වේ නැත්තම් තමයි පුදුමේ.).

අපේ මහා ලොකු දර්මද්වීපයේ තත්වය මෙයයි. පරය වගේ එවුන් ගැහැනුන්ට ලේබල් ගහල මහා ලොකු සමාජ විපර්යාස කරනවා. ගැහැනියෙක්ට පාරේ බැහැල යන්ඩ බෑ පොඩ්ඩක් කොටට අන්දලා, වටේම ඉන්න පිරිමි ටික තියන එව්වා උලුක් කර ගෙන (ඇති මගුලකුත් නෑ) හූ මිටි දිදී යන්නේ. තුක් නුදකින් මුන් වගේ හැතිකරයක්. අනේ අම්මපල්ල…ලංකාවේ 6 න් පස්සේ යන්න පුලුවන්ද ගෑනු ළමයෙක්ට තනියම? අපේ නංගී කෙනෙක්ව තියා අම්මවත් පාරේ යවන්ඩ පුලුවන්ද අද කාලේ. මේක ලංකාවේ විතරක් නෙවෙයි, මම ඉන්දියාවේත් දැක්ක දෙයක්. බස් එකක ගැනියෙක්ට යන්ඩ පුලුවන්ද කොහෙවත් නැති හඩු පොල්ලකින් ජැක් එකක් නොවැදී. එත් ඇමරිකාව වල් සුද්දියෝ සේරම එළියේ දාගෙන යස අගේට රෑ 9-10 විතරක් නෙවෙයි උදේ 2-3 ටත් යස අගේට යන්නේ… මෙහෙ ඉන්න පිරිමි මාර හොඳ පොරවල් වෙන්ඩ ඇති නේ… ෂාහ්! අන්න මිනිස්සු. වල් සුද්දෝ කියල ජාතියක් නැද්ද මන්ද. එතකොට… අපේ ධර්මද්වීපයේ ඉන්නේ වල් කොල්ලෝ… මේ මිසදුටු සධාචාරයක් නැති රටේ ඉන්නේ හොඳ කොල්ලොද?

ප.ලි : මේ විපර්යාසයට හේතුව පහදා දීමට වෙනම පෝස්ටයක් ලිවීමට සිතා සිටි නමුත්, මට වඩා බොහොම පැහැදිලි ලෙස උත්තරයක් මෙන්න මෙතන ලබා දී තිබෙනවා.

Advertisements

21 responses to “වීනූ වෙත්තමුණි සහ වල් සුද්දියෝ

  • ක්ෂිතිජ විජේමාන්න | විත්ති

    ගැහැනිය කොටට ඇන්දත් නැතත් වරද ගැනියගේ මක් නිසාද යත් ගැහැනුන් පිරිමින්ගේ හැගිම් අවුස්සන නිසාය.ගැහැනියක් මුලු ඇගම වැසෙන ලෙස ගියත් සමහරුන්ට සවයං මෝචනය වන්නේ කිසිදාක සුන්දර ගැහැනියක් සමග කතා කරවන් නැති නිසා වන්නට ඇත.සරාගි ලෙස නිර්මාණවල පෙනී සිටින ගැහැණුන්ට ” හොද චරිතයක්” නොමැතිනම් එවාට දායක වන සහ ඒවා නරඹන වුන්න්ට ඇත්තේ මොකක්ද ?

    —මෙය මම අදාල වෙබ් අඩවියේ පලකරන ලද කොමෙන්ටුවයි.එය මෙහිද මම පලකරන්නෙමි.—

  • සංහිඳ පාමුළ

    සහොදරය ලියපු දේ කෙසේ වුවත් ඇත්තක් නැත්තෙම නෑ, මම ඔයගෙ ලිපියයි, ඔයා ඔය කියලතියෙන ”පරයගෙ” ලිපියයි දෙකම කියෙව්ව, කොහොම උනත්, මට හැ‍ඟෙන විදියට නැට්ට පාගගෙන තියෙන්නෙ, ”පරය” නෙමෙයි ඔය සහොදරයයි, මේතරම් කේන්තියෙන්(මෝඩ පරයෝ මේක තෙරුන් ගනින් උඹේ බොරු පොට්ට) කෑගහන්න තරම් දෙයක් ඒ ලිපි දෙකේම ලියල නෑ, එකනිසා යම් කෙනෙකුගෙ වරදක් පෙන්වනකොට මීටවඩා තරම්ක් අදාර්ශමත් වෙන්න පුලුවන්නම් ඔය සහොදරයගෙ උත්සාහය මීටවඩා සාර්ථක වේවි මට හැ‍ඟෙන විදියට, මොකද එයාගෙ වරදක් පෙන්වන්න ගියාම ඔයා ඊට වඩා ලොකුවරදක් කරනවනම් ඒකෙන් ඔයා උතසහ දරන අරමුණ ඉ‍ටුවෙන්නෙ නෑ. තරහ වෙන්න එපා, මේක තමයි සත්‍ය. ස්තූතී.

    • paspanguva

      1.) මා ආදර්ශවත් අර්ථාන්විත පුද්ගලයෙකු නොවෙමි. එසේ වීමට මට කිසිම අවශ්‍යතාවක් නැත.
      2.) මා මගේ බ්ලොග් පඩන්ගුවේ සටහන් කරන්නේ මගේ ඔලුවේ කැරකෙන විකාර අදහස්ය. ඒවා අනුන්ගේ හිස මත පටවන්ඩ කිසිම කැහිල්ලක් මට නොමැත.
      3.) බොරුවට කටමැත දොඩවන්නන් මට රුස්සන්නේ නැත. එය මගේ වරදකි. ඒ ගැන කල හැකි දෙයක් නොමැත.

  • සංහිඳ පාමුළ

    1) මා කිසිම තැනක ඔබ අර්තාන්විත, ආදර්ශමත් නොමැති කෙනෙක් ලෙස කියා නොමැති අතර, අර්තාන්විත පුද්ගලයෙකු වන්නට ඔබට උවමනා නොමැතිනම් ඔබවිසින් ඉහත පලකර ඇත්තේ කුමක්ද.

    2)ඔබට කිසියම් කැහිල්ලක් ඇත්දැයි කියන්නට මා දන්නේ නොමැති අතර, සංවාදයට ඉඩ තබා අදහස් පලකිරීමට පහත ඉඩක් ඇති නිසා අදහසක් දැක්වූයෙමි.

    3) කටමැත දොඩවා ඇත්තේ කවුරුන්ද කියා ඔබට ඔබගේ ලිපි කියවීමේදී දැක ගත හැක, මා කිසිම තැනක කටමැත දොඩවා ඇත්දැයි ඔබගෙ ලිපිය සහ, මාගේ අදහස් කියවන කෙනෙකුට තේරුම් ගතහැකිවේ,

    4)කෙසේ වුවත් යතාර්තය එලිපිට තේරුම් ගැනීමට ඇති අකමැති කම ඔබ මනාව පෙන්වා ඇත අතර, සංවාදයට බඳුන්වන අදහස්වලට ඇහුන්කම් දීමට ඔබේ යම් අකමැත්තක් ඇත්තේනම්, මෙවැනි මෝඩ ආතල් දෙන ලිපි අගට comment box නොදා ඉන්න.

    ඔබගේ බ්ලොගයේ ඔබට අවැසි දේ පල කිරීමට ඇත අයිතියට අපි සැවොම ගරු කරමු, එමෙන්ම ඔබගේ බ්ලොගයේ ඔබට අවැසි දේ පල කලාට කිසිඳු අයුරකින් ගැටලුවක් අපහට නැත. කෙසේ වුවත් “කටමැත දොඩවන්න” යන වචනයෙහි හරි අර්ථය තේරුම් ගැනීමට තරම්වත් ඔබේ සිංහල දැනුම දියුනු නැතිදැයි සිතේ. කෙසේ වුවත් ඔබට ස්තූතී.

    • paspanguva

      ඔබ වගේ තමන් කතා කරන්නේ කුමක් ගැන වත් ද කියා නොදන්නා පුද්ගලයින් සමග කතා බහේ යෙදීමෙන් මම බොහෝ විට වැළකී සිටින්නට උත්සහ ගන්නවා. නමුත් මම කටමැත දොඩවන පුද්ගලයා යනුවෙන් සදහන් කලේ ඔබ පිළිබදවය කියා සිතන්න එපා. ඔබ වන්න වුන් පිළිබද කතා කිරීමෙන්වත් පලක් නැති බැවින් මම එසේ නොකරනු ඇත. මගේ කැහිල්ල කෙසේ වෙතත් අනුන්ගේ කොමෙන්ට් බොක්ස් දැක්ක පලියට කොමෙන්ට් කොටන්න තරම් කැහිල්ලක් ඔබට තිබීම ගැන නම් මා පුදුමයට පත් වන්නේ නැත!
      හා හා හා!..මෙන්න මේ වගේ දෙකයි පනහේ ලංකාවේ ගොන් රැල ගැන තමයි මට දුක…මොනා කරන්නද ඉතින්….

  • Thisara

    මල්ලියේ ඔයාට හිතෙන දේවල් ලියන්න ඕනනම් පිටු 80 තනිරෑල් පොතක් අරගෙන ලියන්න. ඊට පස්සේ ඒක ලාච්චුවේ දාලා වහලා තියන්න. මොකද බ්ලොග් කියන්නේ සයිබර් අවකාශයේ වැදගත් දෙයක්. කමෙන්ටුව කියන්නේ සංවාදයේ ඉදිරි පිම්මක්.

    කිචියට ලියන දේවල් කවුරැත් කියවනවට අකමැති නම් ඉහත උපදේශය පිළිපදින්න. නැත්නම් මහින්ද අබේසුන්දර හෝ ගාමිණී සුමනසේකර හමුවී කළයුත්තේ කුමක්දැයි සාකච්ඡා කරන්න.

    පස්පංගුව කියා බී ඇත්තේ වැරදි දෙයක්ද යන්නත් සොයා බලන්න.

  • සංහිඳ පාමුළ

    සහෝදරය, ඉස්සෙල්ල, කෙන්තියෙන් තොරව උත්තර දෙන්න, මම ලිපියත්, ඔයාගෙ comment හොඳට කියවල තමයි උත්තර දුන්නෙ, මම ගොන් ‍රැලකට අයිති උනාට කමක් නෑ, ඔයාට මම ගොනෙක් උනාට, මම වෛද්‍ය සිසුවෙක්, මේක කිව්වෙ ඉහත සඳහන් “ගොන් කතාව” කාරනාව නිසා, අනුන්ගෙ blog වලට නැතුව තමන්ගෙ බ්ලොග් වලටද ඔයා comment දාන්නෙ කියන එක තමයි ගැටලුව, මම කෙසේවෙතත් කියන්නේ කුමක්ද කියා හරි හැටි තේරුම් ගන්නට බැරි ඔබතුමාට බව නැවත වරක් පෙන්නුවෙත් ඔයා, ඒ කෙසේ වුවත් මම නැවත වරක් ඔයාට comment කරන්න උත්සාහගන්නෙ නෑ, මොකද මතවාද දරාගන්න බැරි ඔයා වගේ අයට මේ වගේ සමජයත් සමග ගැටෙන දේවල් ගැලපෙන්නෙ නෑ, මට ඔයා ගොනා කිව්වට මම ඒක ලෝකෙට පෙන්නුවෙ නෑ, ඒත් මම ඔයට ඒසේ නොකියා තියෙද්දිත් ඔයා විසින්ම ඔයාගේ “…..” කම ලෝකෙට පෙන්වුව. කොහොම උනත් ලංකාවේ ඉන්න ගොන් ‍රැලේ ඉන්න අයට එක් ඇඟිල්ලක් දික්කරද්දි, ඔබ තුමා දෙසට ඇඟිලි 4 යොමුවෙන බව කරුනාවෙන් කල්පනා කරල බලන්න, එම නිසා එම ගොන් ‍රැලට අපිට වඩා ඉහලින් සුදුසුකම් ඔබතුමාට නොමිලේම හිමිවී ඇතිබවද මතක තියාගන්න.

    • paspanguva

      අනේ බුදු දොස්තර මල්ලියේ උඹ හරිම නරකයි. උඹ මේ වගේ කතා කියද්දී මම කොහොම කට වහගෙන ඉන්නද?
      මේ ගොන් අලියාගෙන් ඉස්සෙල්ලම පොඩි advise එකක්, උඹ හිතන තරම් ඔය වෛද්‍ය පීටය ලොකු නැහැ. ලංකාවේ ගොඩක් දෙනෙක් හිතාගන ඉන්නේ, උසස් පෙළ ටියුෂන් පන්ති ගානේ බඩ ගාල පොත් කටපාඩම් කරලා ගිරා පෝතක විද්‍යාලය හෙවත් වෛද්‍ය විද්‍යාලයට ගියාම පොරක් කියල. ඒ පොරත්වය මවල තියෙන්නේ අපේ ගොබ්බ සමාජය විසින්. ඕනෑම බුරුවෙකුට කටපාඩම් කරලා උසස්පෙළ සමත් වෙන එක මහා ලොකු දෙයක් නෙවෙයි. එකට හොඳම උදාහරණය මම. මමත් A4 දාල වෛද්‍ය විද්‍යාල සුදුසු කම් ලබපු ගිරා පෝතක බුරුවෙක්. එක මට ලොකු කමක් නම් නෙවෙයි. මමත් ලංකාවේ තියන බටහිර අනුකාරක අද්යාපන ක්‍රමයේ එක ගොදුරක් විතරයි. උසස් පෙළ කළා කියල මට ලැබුණු ලබ්බක් නෑ. ඔච්චරවත් කලේ අම්මාගේ උවමනාවට මිසක් මගේ උවමනාවට නම් නෙවෙයි. කොහොම වුනත්, අමාරුවෙන් කාගේවත් හිත රිද්දවන්නේ නැතිව මම පස්සේ ඉගෙන ගත්තේ වෙනම විෂයක්. තවමත් ඉගෙන ගන්නවා…උගන්නනවා…තමන් කැමති දේ කරනවට වඩා ආතල් එකක් මේ ලෝකේ නෑ. මම මෙච්චර දෙයක් කියල කියන්න උත්සහ දරන්නේ ඔබේ ඔය වෛද්‍ය සිසු බාවය ඔච්චර ලොකුවට ඔලුවට ගන්ඩ එපා, එකෙන් වෙන්නේ අර බොහොඩට වෙච්ච දේ තමයි.
      ඔබ කියන කතා ඇත්ත.. මම කේන්ති ගන්න සාමාන්‍ය මනුස්සයෙක්. ඔය ගොඩක් බ්ලොග් අඩවි වල වගේ සැම දන මන පිනවන සියල්ල දත් සුදන චරිතයක් නෙවෙයි. මගේ බ්ලොගය කියවන්ඩ කියල මම කාටවත් බල කරන්නෙත් නෑ. කොම්මෙන්ට් එකක් ගහන්ඩ ඕනේ නම් ගහන්ඩ. මට හිතුනොත් මම උත්තරයක් දානවා. මේ හඩු බ්ලොග් එකක් ලියල මට ලැබෙන බම්බුවක් නැහැ,( ලියන්නේ, එදිනෙදා දකින දේවල් වලට මගේ ඔලුවේ තියන පිළිතුරු ටික එලියට දාන්ඩ ඕන නිසා. ලංකාවේ ඉන්න කොට නම් එහෙම කරන්ඩ ඕන තරම් අවස්ථා තිබ්බ, එත් මේ කුණු රටේ තවත් ලාංකිකයෙක් එක්ක සිංහලෙන් වචනයක් දෙකක් වත් කතා කරන්ඩ මට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්) එක හන්ද කැමති කෙනෙක් මේවා කියවපු දෙන. අකමැති නම් නොකියවපන්. කියෙව්වත් නොකියෙව්වත් මට එකයි. මීට වඩා නම් මට ඇත්තටම කියන්ඩ දෙයක් නෑ.

      • පද්දා

        ස්ටෑන්ෆෝඩ් යුනිවර්සිටි පොජ්ජට තේරුණ, ආනන්ද විද්දියාල පොජ්ජේ 96 කණ්ඩායම් පොජ්ජේ සුදු මහත හූරද තමුන්නැහේ?

      • paspanguva

        මා එහෙම පුද්ගලයෙකු නම් නෙවෙයි. මම කැමතියි නිර්නාමික බාවය රැක ගන්ඩ, ඒ මගේ තියන පොන්න කමක් කියල ඇතැමෙක් කියන්ඩ පුළුවන්. උන් කියන්ඩ ඉස්සෙල්ල මම එක කිව්වාම ඉවරනේ.

  • වෙද මහතා

    හරිම හරි කොල්ලනේ….., මූනම් බීල තියෙන්නෙ පස්පංගුව කියා, පහේ ටොපියක් දිය කරලද කොහෙද, අම්මප මේවගේ නැට්ට කැඩිච්ච උනුත් ඉන්නවනේ බ්ලොග් කලාවෙ, හරියට හරිපුතේ, මේක බ්ලොග් පඩංගුවක් තමයි, අර ලමය කිව්ව වගේ උඹ උඹේම කියල පොඩි හරි උඹ කැමති විදියෙ තරමක් පොතක් අරගෙන උඹේ ඔලුවෙ කැරකැවෙන විකාර ලියපන්, ආ.. අමතක උනා, පුතේ උඹේ ඔය තදියමට කොහිල ටිකක් කාපන්, ඇත්ත තමයි මේ පඩංගුවෙ ළමය කියල තියෙන්නේ, උඹල ගොන්නු තමයි, නැත්නම් මේ වගේ ගොන් ආතල්වලට comment කරයිද, හිහ් හිහ් හිහ්

  • hirash Reyal

    සිංහල පහසුවෙන් type කරන්න බාගන්න සිංග්ලිෂ් මෘදුකාංගය . With This Application you can type Sinhalese Unicode Characters in an easier way .you can also manage favorites
    http://sourceforge.net/projects/singlish/

  • රාජිත අනුරාධ-රජීගේ සන්නස

    ඔබේ තරාතිරමන් පේනව ඔබට තියෙන අදහස්වලින්, කට පාඩම් කරල විශ්ව විද්‍යාලෙ යන්න පුලුවන් සිඳු කියන්න එහෙම, ඔයාලවගෙ අය ගියාම තමයි ඒවගේ තැනුත් සවුත්තුවෙන්නෙ, අනිත් අයට බලන්න එපානම් ඔය මගුල නවත්තල දාල, අර තිසර කියනව වගේ, පොතක ලියන්න, නැත්නම් ගඩොල් කෑල්ලක් අරගෙන තාප්පෙ ලියන්න, ඔයා දොස්තර කෙනෙක් වෙන්න ඕනිනෑනෙ ලබ්බක් ලැබෙන්න, අනේ කවුද හලෝ A4 අරගෙන කැම්පස් ගිහින් වෙන මගුල් කරන්නෙ, කොහෙද යන පිස්සෙක්, පස්පංගුව නෙමෙයි, ඔය මගුලට පිස්සන් කො‍ටුව කියල දාගන්න, ත්ප්පහියෙක් කියන එක වෙනස්කරන්න එපා, ඒක ගැලපෙනව.

  • kudda

    //තුක් නුදකින් මුන් වගේ හැතිකරයක්. අනේ අම්මපල්ල…ලංකාවේ 6 න් පස්සේ යන්න පුලුවන්ද ගෑනු ළමයෙක්ට තනියම? අපේ නංගී කෙනෙක්ව තියා අම්මවත් පාරේ යවන්ඩ පුලුවන්ද අද කාලේ. මේක ලංකාවේ විතරක් නෙවෙයි, මම ඉන්දියාවේත් දැක්ක දෙයක්. බස් එකක ගැනියෙක්ට යන්ඩ පුලුවන්ද කොහෙවත් නැති හඩු පොල්ලකින් ජැක් එකක් නොවැදී.//

    //තමුන්ට මේ ඉස්ත්රීය වල් ගෑනියෙක් ලෙස පෙනුනේ නම් එය ඔහුගේ වරදක් මිසක් ඒ ගනිගේ වරදක් වත් ලංකා ට්‍රූත් හි වත් වරදක් නොවේ.//

    අම්මගෙ රෙද්ද තමයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: