දෙමල ඩයස්පෝරා මිත්‍යාව සහ එයට හුරේ දමන්නන්


ජෙනරාල් ජගත් ජයසූරිය, “Strategic Dimensions of Cyber Warfare” යන තේමාවෙන්   ‘Cyber Warfare Workshop – 2011 හිදී ප්‍රකාශ කර ඇත්තේ ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද්දය භෞථික වශයෙන් අවසන් වී ඇතත් සයිබර් අවකාශයේ යුද්දය තවමත් අවසන් නොමැති බවයි.  කීප වරක් යුද හමුදා නිල වෙබ් අඩවියටද ප්‍රහාර එල්ල වී ඇති අතර,LTTE  මතදාරීන් විසින් තම අදහස් සයිබර් අවකාශය පුර විහිදුවමින් ලංකාවේ කීර්තිනාමය පලුදු කරන්නට වෑයම් කරන බවත් පවසා ඇත.
“Cyber Warfare ”  යන්න අර්ථ දක්වා ඇත්තේ, “actions by a nation-state to penetrate another nation’s computers or networks for the purposes of causing damage or disruption.” (එක රටක් මගින් තවත් රටක පරිගණක ජාලයක් අඩපන කරන අරමුණින් ජාලයට ඇතුල්වීම වශයෙන් දල වශයෙන් පරිවර්තනය කල හැක.) අපේ ප්‍රශ්නයේදී, රටවල් දෙකක් නොමැත. ඇත්තේ ගොනාට අන්දපු, ඇඳගන තාමත් නටන, “දෙමල ඩයස්පෝරාව” නමැති විකාර පදයක් තුරුලට ගත සීමිත පිරිසකි. අනෙක් කරුණ නම් මෙතන වැඩිපුරම හානිය සිදුවන්නේ ජාලගතව වෙබ් අඩවි අඩපන කිරීමෙන් නොව දෙකයි පනහේ ගොබ්බ අදහස් සීනි බෝල වදන් වලින් ජනතාව හමුවට ගෙන එමෙන්ය.
කවුද මේ “දෙමල ඩයස්පෝරාව”? ඩයස්පෝරාව යන වචනය කලින් බාවිතා වී තිබෙන්නේ රටින් පිටුවහල් කොට, නැත්තම් රටට යම් හේතු නිසා ඇතුල්විය නොහැකිව තිබුණු පිරිස් සදහායි. මෙතනදී දෙමල ඩයස්පෝරාව යන ප්‍රෝඩාකාරී වර්ග කිරීමට අයත් වනුයේ එවැනි පිරිසක්ම නොවේ. දෙමළෙක් පිට රටක සිටි පමණින් දෙමල ඩයස්පෝර සාමාජිකයෙක් වෙනවද?  උන්ගේ පුද්ගලිග අවශ්‍යතාවන්ට පිටරටවල් වලට ගිහින් එහෙන් හොඳට කාල කාලා, ලංකාව පැත්තට පුක උල්ලුක්කලා තමයි පඩින්න හදන්නේ. එහෙම පඩින එවුන් නම් එමටයි. සංජන හත්තොටුව කියන පුද්ගලයාගේ ගොබ්බ groundviews වෙබ් අඩවියත් එහෙම පඩින්නම හදපු කකුස්සියක් වගේ.

The Tamil Diaspora and the Future of the Tamil Struggle නමින් පලවන ලිපියක ගල් පැලෙන ගොබ්බ කතා දුසිම් ගානට හුව දක්වල තිබ්බ. එය ලියන ලද කතෘ නිර්මනුසන්  බලසුන්දරම්  නමැති තැනැත්තා, යුද්දය විකුණ කන කපුටෙක් මිසක් වෙනකෙකු නොවේ. තම බඩගෝස්තරය රකින්න මිනිහෙක්ට කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තිබිය යුතුය. ඔහු පිටරට ගොස් බඩවියත රක ගන්නේ යුද ගිනි දැල් විකුනමින්ය.  ඔහුගේ ලිපියේ මුලින්ම ඔහු මෙසේ සදහන් කරයි,

What constructive action can be taken by the Tamil Diaspora to build a better future for the Tamil nation?

මොකක්ද මේ ඔහු කතා කරන දෙමල රට? ටැමිල් නේෂන් ? දෙමල රටක් ඇත්තනම් සිංහල රටකුත් තියනවද? එතකොට මුස්ලිම් රටකුත් තියනවද? මෙවන්නන්ගේ අදහස් පිලිබදව මීටත් වඩා කතා කල යුතුද?බෙදුම්වාදය කවුද ගෙනෙන්නේ? මෙවැන්නන් හදන්නේ ප්‍රභාකරන් මැරිලත් ඔහුගේ අදහස් තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොවේද? මොවුන් නොවේද ත්‍රස්තවාදය මුලයන්?
මම දැක්ක ලඟදි “මුස්ලිම්” යනුවෙන් තමන් හදුන්වාගන්න බ්ලොග් අඩවියක්. බොහෝ පිරිසක් මොහුට බන වැදී තිබු ආකාරයත්, එම බ්ලොග් අඩවිය තහනම් කල යුතු ආකාරයත් දැක්ක. එක සැරයක් හාමුදුරු නමක් පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබ්බ තවත් මෙවැනි බ්ලොග් අඩවියක් තහනම් කරන්ඩ කියල. තේරුම් ගත යුත්තේ මෙවැනි බ්ලොග් අඩවි බලන්නේ, බන්නින්න බලන කට්ටිය පමණයි, එකෙක්වත් මේවට හොඳ කොමෙන්ට් ගහනවද? එක පුද්ගලයෙක් තමන්ගේ පෞද්ගලික ආතල් එකට මොකක් හරි එකක් ලියල දැම්මහම අපි කුලප්පු විය යුතුද?
නමුත් groundviews වෙබ් අඩවියට පිවිසෙන පිරිසත්, එහි ඇති ලිපි කියවන පිරිසත් දෙස බලන විට එය ලොකු පණිවිඩයක් ලොවට දෙන බව පේනවා. මෙතෙක් අප දැක ඇති පරිදි ඔවුන් දෙන පණිවිඩ ජාති වාදී, ත්‍රස්ත වාදී, මූලධර්ම වාදීය. තහනම් කරනවානම් තහනම් කලයුත්තේ මෙවැනි වෙබ් අඩවිය.

බලසුන්දරම්ගේ ලිපිය  පුරාවට තියෙන්නේ දෙමළුන්ට ලංකාවේදී වෙච්ච අකටයුතු කම් ගැනය. දෙමළුන් උතුරේ මැරුණු හැටිය. ත්‍රස්තවාදීන් විසින් ලංකාවේ ආර්ථිකය කඩා වට්ටව, මුළු ජනතාවම අසරනත්වයට පත් කරපු හැටි වත්, මරාගෙන මැරෙන කොටීන් අසරණ දුවා දරුවන් මරපු හැටිවත්, ලංකාවේ නායකයින් එකින් එක නැති කර දමා රට අරාජික කරන්නට හදපු හැටිවත් සදහන් කරන්නේ නැත.

ඔහු මෙහෙම ප්‍රශ්න කරනවා.


This begs the question, what is the role of the Tamil Diaspora–who remain a voice of voiceless as they are connected to the kith and kin back home?
හඩක් නැති ලංකාවේ දෙමළුන්ට හඬක් විය හැකි “දෙමල ඩයස්පෝරාවේ” කාර්ය බාරය කුමක්ද?

මෙයට හොඳ පිළිතුරක් පාටකයෙක් තබා ගොස් තිබ්බ,

“Wait for a few years and see. The Tamil Diaspora may still be craving Eelam, but Sri Lankan Tamils will be too busy enjoying life to remember it.”

තව ටිකක් ඉවසන්න, දෙමල ඩයස්පෝරාව, ඊලාමය වෙනුවෙන් තවත් කෑගසනු ඇත, නමුත් ලංකාවේ දෙමළුන් ජීවිතය විඳිමින් ඊලාම විකාරය අමතක කරනු ඇත.

මොහුගේ ලිපිය වදනින් වදන හුවා දක්වමින් කරුණු පැහැදිලි කල හැකි නමුත්, එසේ කිරීමෙන් වන්නේ මගේ කාලය නාස්ති වීම පමණකි. එය එතරම්ම ගොබ්බ ලිපියකි.

groundviews නම් වෙබ් අඩවිය පුරාවටම ඇත්තේ මෙවැනි කොටි පක්ෂපාති ලිපි පමණකි. ඔවුන්ට අවශ්‍ය , ලංකාවට විතරක් නොවේ, සිංහල බෞද්ද සංස්කෘතියටද කෙල කිරීමටය. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ මත ප්‍රකාශ කිරීමේ අයිතියතිය ඇත. ඔවුන්ටත් එම අයිතියම  ඇත. ඔවුන්ට එසේ ලිවීමේ අයිතිය ඇති සේම අපටද ඔවුන්ට එරෙහිව ලිවීමේ අයිතිය ඇත.  බොහෝ දක්ෂ බ්ලොග් කරුවන් ඉන්න මේ සිංහල බ්ලොග් අවකාශයේ අනෙක් පිරිස්ද මෙවැනි දේවල් පිළිබදවද තම සිත් සතන් අවදි කරනු ඇතයි  සිතමි. ලියන්නා කෙසේ ලීවත් කියවන්න සිහිබුද්දියෙන් කියවිය යුතුය.


ප.ලි : කලින් වතාවක සදහන් කරන ලද දෙයක් නැවතත් සදහන් කල යුතු යැයි සිතුනා. සිංහල -බෞද්දකම වර්ග වාදී/ගෝත්‍රවාදී  අදහසක් යනුවෙන් කරුණු දක්වන්නෝද අද බොහොමයි. නමුත් මෙහි ඇති වර්ගවාදයක්/ගෝත්‍රවාදයක් නැත. එය වර්ගවාදයක් ලෙස සලකන්නෝ බලන්නේ වර්ගවාදී/ගෝත්‍රවාදී උපැස් අතරින්ය. සිංහල -බෞද්ද යනු දෙමල- හින්දු  සේම ලංකාවේ උප සංස්කෘතියක්ය. එම සංස්කෘතියන්ට ආවේනික ගුණාංග රැක ගැනීම ඒ ඒ සංස්ක්රුතියන්ට අයත්වන පුද්ගලයන්ට පමණක් නොව මුළු ලෝකයේම වගකීමයි. දේදුන්නක් ලස්සන වන්නේ එහි ඇති විවිද පාට හන්ද වාගේම රටක් ලස්සන වන්නේද සංස්කෘතියන්ගේ විවිදත්වයෙන් පෝෂණය වූ විටය. යමෙක් එම සංස්කෘතියන් විකෘතියන් බවට පත් කිරීමට යත්න දරන්නේ නම් එයට විරුද්ද විය යුතුමය. ඇතැමෙක් මෙම බලවේගයන් සිංහල ජාතිවාදය, දෙමල ජාතිවාදය වැනි නම් වලින් ලේබෙල් ගැසීමට  පුරුදු වී සිටින නමුත් තේරුම් ගත යුතු වන්න දෙමල හෝ සිංහල ජාතිවාදී මුහුණත් පසු පස ඇත්තේ බල ලොබී දේශපාලන න්‍යාය පත්‍ර බවය.


4 responses to “දෙමල ඩයස්පෝරා මිත්‍යාව සහ එයට හුරේ දමන්නන්

  • මාරයාගේ හෝරාව...

    ඇයි මේ අඩවියේ ප්‍රතිචාරයක් ලියන්න කට්ටිය ඉදිරිපත් වෙන්නේ නැත්තේ…
    අඩු ගානේ හොදක් කියන්න බැරිනං කුණු හරුපෙන් බනලවත් යන්න කවුරුවත් නැද්ද..නැත්තං කොමෙන්ට් බ්ලොක් කරලද..?

    • paspanguva

      මම බ්ලොග් ලියන්නේ හිට් බලාපොරොත්තුවෙන් වත්, කොමෙන්ට් බලාපොරොත්තුවෙන් වත් නොවේ. කවුරුත් මේවා නොකියෙව්වත් ඇත්තෙන්ම මට කම් නැත. අපේ “ලාංකිකයන්” හුරුවී ඇති රාමුව තුල සිංහල බෞද්ද කම ගැන කතා කිරීම ඔවුන්ට අකැපය. එසේ කල විට ඔවුන්ට ජාති වාදී ලබලය ගසනු ඇත. සිංහල බ්ලොග් අවකාශයේ සිටින බොහෝ පිරිස බ්ලොග් ලියන්නේ අනුන් ලවා තමන්ව වර්ණනා කර ගැනීමටය, අනුන්ගෙන් තම අදහස් කොච්චර වටිනවද කියා දැනගැනීමටය. ඒවායින් ඔවුන්ගේ පෞර්ෂයට ගැම්මක් ලැබෙනු ඇත. මේ බව බ්ලොග් කියවන විට, කොමෙන්ට් බලන විට වැටහෙනු ඇත. වටිනාකමක් නැති ජීවිතවලට මොන හරි ක්‍රමයකින් වටිනා කමක් ලැබෙනවා නම් එක ලොකු දෙයක්.

  • Ishan

    ඔබ කියන් දේ සත්‍යයකි.එක් වර්ගවාදී යුද්ධයක් නිමාකර වර්ගවාදයට තිතතබමින් නැවත දෙපයි නැගීසිටීමට උත්සාහකරන මේ රටේ ජනතාව තුල නැවත වර්ගවාදය ඇවිස්සීමට ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ කුමක්නිසාද කියයා සිතාගැනීමට බැරිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: