Monthly Archives: මාර්තු 2011

පඩ නීතියක්!


මේ දින වල බ්ලොගොස්ෆියරේ විවිද මට්ටමෙන්, විවිද තරාතිරම්වල, විවිද වූ වර්ගවල පඩ ගදවල් පැතිර යන සමයක්. හොඳ පඩ, ගද පඩ, පඬි පඩ, පොඩි පඩ ආදී  නා විද වූ පඩ ගඳින් සන්ත්රුප්තව  ගන්දස්සාරයෙන් වල්මත් වෙන තරමටම දුගද උත්සන්න වී තිබුනේ අපේ ඉස්කෝලේ පරණ ලැට් එක මතක් වෙන තරමටය. ඒ අස්සෙන්  ටිකක් පරණ පුවතක සදහන් වී තිබුනේ ( 2011 පෙබරවාරි) මලවි රටේ පොදු ස්ථාන වල පඩ ඇරීම තහනම් කිරීමට නීති සකස් කරන බව එරට අදිකරණ අමාත්‍ය චපොන්ඩ  මහතා ගුවන් විදුලි වැඩසටහනකට සහබාගි වෙමින් ප්‍රකාශ කර තිබුන බවය.  පුවත් පත් වලින් නම් වාර්තා වී තිබුනේ ජනතාව මෙයට පඩ අරිමින් විරුද්ද වූ බවයි. ඔවුන්ගේ පඩ සද්දෙට (සමහර විට ගදටත් වෙන්ඩ ඇති) කලබලයට පත්වුණු අදිකරණ අමාත්‍ය චපොන්ඩ  මහතා තමන් කල ප්‍රකාශය වහාම ඉල්ලා අස් කරගන ඇත. පුවත් පත් සදහන් කරන්නේ එරට සොලිසිටර ජනරාල් වරයා විසින් චපොන්ඩ  මහතාට ඊටත් වඩා ලොකු පඩයක්ද  දමා ඇති බවයි.  තවටිකක් වැඩේ  දුර දිග ගියා නම් අර ජස්මින් විප්ලවය වගේ මලවියේ පඩ විප්ලවයක් පටන් ගන්නවා. කෙසේ වෙතත් පඩ කතා හොයන විට ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේද බ්‍රහස්පතින්දාට සවස හයෙන් පසු පොදු ස්ථාන වල පඩ ඇරීම තහනම් බව සදහන් වෙනවා. සමහර වෙලාවට පඩ බද්දක් තිබ්බොත් හොඳයි  කියලත්  හිතෙන්නේ එක එකාගේ පඩ කතා අහගෙන ඉන්න වෙන විටයි.  අනුන්ගේ ප්‍රශ්චාත්බාග මට්ටමේ තමන්ගේ නහය  පිහිටෙන කුරු මිට්ටන් නම් මෙවැනි තහනම් වලට අනිවාර්යෙන් හුරේ දමනු ඇත.     කැලණිය පැත්තට මේවා ආරංචි වුනොත් නම් පඩ වලට  බඩු ෂුවර්!

ඒ අස්සෙන් අර වාසිටි කුරුටු ගී පොතේද කොහෙද මෙහෙම කතාවක්  තිබ්බ කියල පොඩි මතකයක් තියනවා.

කාලය පඩයකි, ගියොත් ගියාමයි. ආදරය පඩයකි ගියොත් ගියාමයි. ජීවිතයත් පඩයකි ගියොත් ගියාමයි.