“ප්‍රජාතාන්ත්‍රික” ඊජිප්තුවේ පළමු ගොදුර:කෝ අපේ මුබාරක් මහත්තයා?


14 වන දින පලවී තිබුනේ මුබාරක් මහත්තය කෝමා තත්වයක පසු වන බවයි. 14 වන දින තවත් පුවතික් කිව්වේ ඔහු ජර්මනිය  බලා පිටත් වී ඇති බවයි. 15 වන දින පවසන්නේ ඔහු යහතින් තමන්ගේ ගෙදරකට වී ඉන්න බවයි.ඔහු ඉන්න තැනක් වත් ඔහුගේ තත්වය කෙසේදවත් කියා තවමත් හරි හැටි ආරංචියක් ලැබී නැත. හෙට වන විට ඔහු හදිසි හර්දාබාදයකින් මිය ගියා යනුවෙන්ද පල වී තිබිම පුදුමයට කරුණක් නොවනු ඇත. මෙහෙදී මුබාරක් යනු හොඳ මිනිහෙක් යනුවෙන් හංවඩු ගැසීමක් කරන්ට උත්සහයක් නැත. අවශ්‍ය වන්නේ ඊජිප්තුවේ මේ හදිසි වෙනසට වග කිව යුත්ත කවුරුන්ද කියා නිසි අයුරින් අවබෝද කරගැනීමයි. මෙය ජනතා ජයග්‍රහණයක් යනුවෙන් හූමිටි තියන්නන්ගේ යටි කූට්ටු බලාපොරොත්තු පරාජය කල යුතුව ඇත. මෙහෙම කෑගහන ඕලමොට්ටලයන් ඊජිප්තුව ලංකාවට සමාන කොට තමන්ගේ සිවිල් අවශ්‍යතා ඉටුකරගැනීමට මෙය අතකොළුවක් බවට පත් කරගනු ඇත. අනර්කලීලාට චන්දෙ දුන්න දෙකයි පනහේ මෝඩ ලංකාවේ බූරුවෝ රැල මේ සීනි බෝල ගොබ්බ කතා වලට අහු වෙනු ඇත.

 

Watch this video


රහට කන්න ලැබෙන ඊජිප්තු පරිප්පු


ඇතැමෙක් කියන පරිදි ඊජිප්තුයානු විප්ලවය පන ගැන්වීමේලා බාර දුරය කට යුත්තක් කර ඇත්තේ ගූගල් සමාගමේ වැඩකරන තිස් හැවරිදි Wael Ghonim ය. ගූගල් සමාගම, US State Department එක හා අත්වල බැඳගත් movement .org වෙබ් අඩවියට ආයෝජෝනය කර ඇත. එයත් එජිප්තුයානු විප්ලවයේ ගිනිසිළු පතිරවීමෙලා කාර්යබාරයක් කර ඇත. Ghonim ,ElBaradei ගේ විපක්ෂ මෙහෙවර කරටම ගෙන කර ගෙන ගිය තැනැත්තෙකි. ElBaradei මීලග ඊජිප්තුජානු ජනපති වීම ඉතාමත් පැහැදිලියි. ඔහු US International Crisis Group (ICG) හි ලොකු පොරකි. ElBaradei යනු වෙන කවරෙකුත් නොවේ ඇමෙරිකානු පබයෙකි. ඇමෙරිකාවේ අදහස තවමත් පහදිලි නැත්තම් ඉතින් වෙන මොකක් කරන්නද. කාපන් එජිප්තුයානුවනේ උඹල අනාගත්තු පරිප්පුව..


ඊජිප්තුයානු බිදවැටීම සහ ලෝක රාජ්‍යක ඇරඹුම


1953 ඇමෙරිකානු අධිරාජ්‍යවාදී CIA සංවිදානය විසින් “නිෂ්පාදනය” කරන කලද කුමන්ත්‍රණයක ආදාරයෙන් ඉරානයේ බලය ෂාහ් (Shah ) වරයෙකු අතට පත්වූවත්, 1978 වන විට තමන් ගේ හස්තයෙන් ක්‍රමයෙන් මිදෙන්ඩ පටන්ගත් තමන් ම බිහි කල නොසන්ඩාල ෂාහ් වරයා මැඩලීමට අමෙරිකාව ඉස්ලාමීය අන්තවාදීන්ට සහය දීමට දෙවරක් සිතුවේ නැත. 2007 ABC ආයතනය සහ London Telegraph ප්‍රවුර්ති නිවේදනයකින් පවසා තිබුනේ ඇමෙරිකානු රජය විසින් ඉරානය අස්ථාවර කිරීමට CIA ආයතනයට බලය ලබාදී ඇති බවයි.නැවතත් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී ඇති ඉරානය යටපත් කරගන්ඩ ඇමෙරිකාව 2009 වසරේදී අන්තවාදී අරගලයකට පෙට්රෝල් පෙව්වත් එය  සාර්ථක වුයේ නැත. තවමත් Mahmoud Ahmadinejad ඇමෙරිකාවේ ලොකුම හතුරෙකි. ඔහුට විරුද්දව මාද්යවිසින් ප්‍රහාර එල්ල කිරීම තවමත් නවතා නැත. ඇමෙරිකාවට හතුරෙකු නැති නම් ඔවුන් හතුරන් මවනු ඇත. තම රටේම මිනිසුන්ව බියෙන් තබන්න එම බියෙන් වාසි ලබන්නට..බිය තුලින් බලය තහවුරු කරන්නට ඔවුන් පසුබට වන්නේ නැත. අලකයීඩාවද ඔවුන්ගේම නිර්මාණයකි.

අධිරාජ්‍ය වාදය පැතිරවීමට අමෙරිකාව බාවිතා කරන අලුත්ම අවි වනුයේ facebook සහ twitter ය. මෙය අවි වල ආදාරෙයෙන් ඇමෙරිකාව බිලිගත් අලුත්ම ගොදුර ඊජිප්තුවයි. පළමුව ටියුනීසියාවෙන් ඇරබී විප්ලව ප්‍රවාහය අද වන විට ඊජිප්තුව ගොදුරට අරන් හමාරය. කලක් තම මිතුරා වූ මුබාරක් ට විරුද්දව කැරලි ගැසීමට අන්තවාදීන්ට සහය දී ඊජිප්තුව දුර්වල රාජ්‍යක් බවට පත්කරන්නට අර අදින ඇමරිකාව හෙට වන විට ඔවුන්ගේ පබයෙකු එහි පිහිටුවනු ඇත. ඇමරිකානුවන් ඔවුන්ගේ අලුත්ම සැලැස්ම වන ලෝක රාජ්‍යක අඩිතාලම දමමින් පවතී. මාද්‍යයන්ගෙන් බැට කන අප මනස පුරා මුස්ලිම් අන්තවාදයේ අදුරු සෙවනැලි ඇදී පවතින සේම බටහිර සුර්යකිරණයෙන් එම සෙවනැලි පහව යන අයුරුද එම මධ්‍යන්ගෙන්ම අප සිත් තුල රෝපණය කර ඇත. බටහිරයන් පවසන ප්‍රජාතන්ත්‍රවාදය කාගේද? මිනුස්සුන්ගේද නැත්තම් ඔවුන්ගේමද?

ඊයේ ටියුනීසියාව, අද ඊජිප්තුව, හෙට?


ලහිරුගේ ආන්දෝලනාත්මක ගීතයෙන් ලොවම කැළඹේ …



ක්‍රිකට්  ලෝක  කුසලානයේ  නිල  ගීතය  ලෙස  මේ  දවස්වල  කතා බහ  වන ලහිරුගේ “එන්න දිනවන්න” ගීතයෙන් ලංකාවේ පමණක් නොවේ මුළුලොවේම අවදානය යොමු වී ඇති බවයි මාධ්‍ය පවසන්නේ.

ඔහුගේ ගීතයේ අඩංගු ඇතැම් වැකි පිලිබදව විවිද පිරිස් විවිද මත දරමින් සිටිනවා. “නවසීලන්තයේ තල්මසුන්ගේ හකු ගැලවීම” පසු පස ජපන් තල්මස් දඩයම් කරුවන් පිරිසක් සිටින බව ග්‍රීන් පීස් ආයතනය අද මාද්‍ය ප්‍රකාශනයකින් කියා සිටියා. Peta ආයතනය මෙම ගීතය පිලිබදව තමන්ගේ දැඩි අප්‍රසාදය පල කල අතර එය ශ්‍රී ලංකාවේ දැනට සත්ව හිංසනය දැඩි ලෙස පවතින රටක් බවට මෙය මහගු සාක්ෂියක් බව ප්‍රකාශ කර සිටියා, මේ  සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂයන් වග කිව යුතු බවත්, සත්ව හිංසන අපරාද යටතේ ලෝක අදිකරණය හමුවට ගෙනියන බවත් තවදුරටත් කියා සිටියා.

“ඉන්දියාවේ කඳු වල හිම දියකරවන්ඩ” යනුවෙන්, ඉන්දියාව සම්බන්දයෙන් ලහිරු කර ඇති ප්‍රකාශය, ඉන්දියානු ජනතාව වෙත එල්ල කරන ලද ප්රාහරයක් ලෙස ඉන්දියානු රජය පවසනවා. තමිල්නාඩුවේ ජය ලලිතා පවසන්නේ මෙය විශේෂයෙන් ටැමිල් නාඩුවේ දෙමල ජනයා වෙත මහින්ද රාජපක්ෂ ජනාධි පති තුමා එල්ල  ලද ද්වේශ සහගත තර්ජනයක්  බවයි. අද දින තමිල්නාඩුවේ මේ වෙනුවෙන් උද්ගෝෂණයක් පැවති අතර නොසන්සුන් වූ ජනයා මග අසල දේපොළ වලටද හානි පමුණුවා ඇත. ඉන්දියාවේ කඳු දියකිරීමෙන් ලහිරු, සමුද්‍ර ජාල මට්ටම ඉහල යැවීමට හදන කුමන්ත්‍රණයක් හෙළි කලේ යයිද සැක මතුවී තිබෙනවා. මෙය සම්බන්දයෙන් අද දින එලි වූ wiki leaks වෙබ් අඩවියේ නවතම කේබලයෙන් ඇමරිකානු තානාපති පවසා ඇත්තේ ලහිරු, උතුරු කොරියානු ඔත්තු කරුවෙක් බවයි. ලහිරුගේ මේ ක්‍රියා කලාපයෙන් මුහුදු මට්ටම ඉහල ගියොත් මහරගමත් මුහුදින් යට වනු ඇති බව චම්පක රණවක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කොට සදහන් කරනවා.

සමස්ත ලංකා අමද්‍යප සන්විදානයද ලහිරුගේ ගීතය තරයේ ප්‍රතික්ෂේප කරනුයේ ඔහු “tonic කඩන් වඩේ හපන්න” යනුවෙන් දෙන ආදර්ශය ඉතාමත් වැරදි බවයි. මේ අතර සමස්ත ලංකා මද්‍යප සංවිදානය පවසනුයේ මෙය ඔවුන්ගේ සාමාජිකයන්ට කරන ලද අපහාසයක් බවත්, දැන් ඔවුන් වඩේ වෙනුවට වෙනත් posh bite   බාවිතා කරන බවත්ය.

මේ අතර ඉන්ගලන්තයේ මහා රැජිනද මේ ගීතයේ  “එන්න එන්න එංගලන්ත මාලිගාවේ උළු හොල්ලන්න” යන පද පෙළ  ඇසීමෙන් පසු හර්දාබාදයකට ගොදුරු වුන බව ආරංචි මාර්ග පවසයි. රොයිටර් පුවත් සේවය  ප්‍රකාශ කරන්නේ  එංගලන්තයේ මාලිගාවේ උළු දැන් ඉතා පරණ තත්වයේ ඇති බවත් ඒවා හෙල්ලීමෙන් මුළු වහලයම කඩා පාත් විය හැකි බවත් නිසා මුළු රජ පවුලම නොසන්සුන් තාවකින් පසුවන බවත්ය. මේ අතර චැනෙල් 4 ආයතනය අලුතින් හෙළි කරන ලද video පටයකින් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පිරිසක් එංගලන්ත රජ මාලිගාවේ වහලේ උළු කැට ගලවන දර්ශන පෙලක්ය. මේ පිලිබදව කල විමසුමකදී චනෙල් 4 පවසා ඇත්තේ නන්නාදුනන කැමරා කරුවෙකු විසින් එය පටිගත කර ඇති බවයි.
ලහිරුගේ ගීතයේ තවත් ආන්දෝලනාතම් මෙන්ම තර්ජනාත්මක වැකියකින් මෙසේ කියයි.
“කූඩාරම් අරන් වරෙන් වටේ බඳින්න
“එලි වෙනකල් බෝල වලට මැහුම් දමන්ට…”

එක පිරිසක් පවසන්නේ මෙයරතු ඉන්දියානු පිරිමීන්ට විරුද්දව කරන ලද ප්‍රකාශයක් බවයි. ඇමරිකානු රතු ඉන්දියානු සංගමයෙන් කල විමසමුකදී,  ඔවුන් කියා සිටියේ ඔවුන් ගේ බෝල වලට මැහුම් අනවශ්‍ය බවයි. ලංකාවේ දඹානේ වැදී ජනතාවද අද උද්ගෝෂණයක යෙදිමින් ප්‍රකාශ කර ඇත්තේ “මේ ගීත පොජ්ජ ලෝක පොජ්ජේ හෑම ආදී වාසි පොජ්ජන්ගේ  බෝල පොජ්ජවලට නිගා පොජ්ජක් මංගච්ච ඇති බවයි”. තව පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ මෙය සමලින්ගිංක පිරිමීන්ට විරුද්දව ලංකාවේ ගෙනියන කුමන්ත්‍රණයක කොටසක් බවයි. රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොතේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මැදමුලන චින්තනයෙන් කිසිම බෝලයකට මහුමක් තියා අතක් තැබීමටවත් තමන් ඉඩ නොදෙන බවයි.

අද දින නෙත් fm වැඩසටහනට කරුණු දක්වූ ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද දෙවියන් පවසා ඇත්තේ ලහිරු ගේ ගීතයෙන් තවුතිසාවත් කලබලයට පත්ව ඇති බවයි. ලහිරුගේ ගීතයේ අවසන් පද පෙලෙන් කියවෙන්නේ, “තවුතිසාවේ ජනෙල් වලට බෝල වදින්නේ” යනුවෙනි. තවුතිසාවේ සියලුම ජනෙල් දැවමය කිරීමට නීති සම්මත  කරගන ඇති බවත්, බෝල අවොත් අයෙත් ඒවා නොලැබෙන  බවත් තවුතිසානු ආරංචි මාර්ග ඔහුට අනුව පවසා ඇත.

කෙසේ වෙතත් මේ ආන්දෝලනාත්මක ගීතයේ ආනුබාවයෙන් අප පිලට මෙදා සැරේ cup එක ගෙන ඒමට දෛර්ය ලැබේව යයි අපි පතමු.!

ගීතය අසන්න
Track 01 by Gossip9.com

ගීතයේ වදන් ඇතුලත් රූපයද, ගීතයේ ම්ප හඩද ලබා ගත්තේ http://www.gossip9.com/

 


බුදු දහමට වින කරන අපි


ඇත්තෙන්ම මේ පිලිබදව මා සිත් සතන් අවදි කලේ ගොන්කම බොග් අඩවියයි. ඔහු එහි  ලිපියකින් වගේ එකකින් මෙසේ කියයි…

මෙවර 2600 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කරන ලද රුපියල් 5 මුද්දරය ඔබ දුටුවාද?  එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටින පන්සලක් පෙන්නුම් කරයි ඒ භික්ෂුන් වහන්සේලා මතට වැරෙන් එල්ල වන තැපැල් කන්තෝරුවේ මුද්‍රාව අපේ හාමුදුරුන්ට නිගා නොකරයිද?

කතාවනම් සම්පූර්ණ ඇත්ත. අපි බෞද්දයන් හැටියට මෙවැනි ක්‍රියා හෙලා දැකිය යුතුය. ඒවගේම අප විසින් අප නොදැනම කරගෙන මෙතෙක් කල් කරගෙන ගිය අත්තනෝමතික ක්‍රියා කිහිපයක් මගේ සිහියට නැගුණි…

  • පන්සල් යන විට පන්සල් භුමිය නොපැගෙන සේ යා යුතුය. මන්ද අපේ කිලිටි දෙපා පන්සල් භුමිය කිලිටි කරන බැවිනි. එය පන්සලට කරන නිගාවකි. අප මෙවෙනි ක්‍රියා අත්  හල යුතුය. මගේ විසදුම නම් ධාන්‍ය වඩා, ඉර්ධි බලයෙන් පන්සල් යාමට හැකියාක් ලබා ගැනීමයි.  නැත්තම් පන්සල් යන්ඩ එපා. පව් සිද්ද වෙයි.
  • පන්සල් ගොස් හදුන් කුරු පත්තු කල නොයුතුය. එය, අප දුම් ගසා බුදුන් පලවා හරින්ට දරන ප්‍රයත්නයක් වැනිය. බුදුන්ට වත් හමුදුරුවන්ටවත් දුම් ගහන්ඩ එපා. පව් සිද්ද වෙයි.
  • පන්සල් ගොස් ගාථා නොකියන්ද…ඒවා හිතින් කියන්ඩ…මන්ද පන්සලේ හාමුදුරු වරුණු ඔවුන්ගේ කුටි වලට වී බාවනාවට සම වැදී සිටින බැවින්, අපේ ගාථා ශබ්දයෙන් ඔවුන්ගේ ඒකාග්‍ර කරන ලද සිත් බිද වැටිය හැක. එවිට අපත් මාර දූතිකාවනුත් අතර වෙනසක් නැත. පව් කරගන්ඩ එපා.

තව ගොඩක් දේ හිතට ආවත් ලියාගන්ඩ වෙලාවක් නෑ….පස්සේ වෙලාවක බලමු.
තැන්කු ගොන්කම බොග් කරුවාණෙනි මගේ සිත් සතන් අවදි කලාට…


බැරෙක්ට බරක් වූ මුබැරෙක්


විකිලීක්ස් අඩවියෙන් කියවෙන පරිදි ඊජිප්තුවේ ආණ්ඩු පෙරලීමට ඇමෙරිකාව හවුල් වෙලා ලු. එක ඇත්තම නම් ඇමෙරිකාව මෙවැනි වැඩකට ඇත ගහපු පලවෙනි වතාව නොවනු ඇත. නමුත් ඇත්තටම ඇමෙරිකාව මෙහෙම අලුගුත්තේරු වෙඩක් කරාවිද? ඇත්තෙන්ම කරයි කිසිම පැකිලීමක් නැතිව…එත් ඔවුන්ට එයින් වාසියක් තිබිය යුතුයි.

ඊජිප්තුව ඉස්රායලය සමග වසර තිහකට පෙර ගිවිසගෙන ඇති සාම ගිවිසුම තාමත් කඩා නැත, ඒ වෙනකෙකු නිසා නොව, මුබැරෙක් නිසාය. එහෙයින් ඉස්රායලය කෙදිනකවත් මුබැරෙක් ගෙදර යන එක ගැන සතුටු නොවනු ඇත. ඇමෙරිකාව දුවන්නේ ඉස්රායල් කාරයන්ගේ යුදෙව් සල්ලි වලිනි. එනයින් කෙදිනකවත් තම ආදරණීය ඉස්රායල් කාරයන්ට නොසතුටක් වන දෙයක් ලොකු අය්යා නොකරනු ඇත. ඊශ්‍රායලට පසු අමෙරිකාවෙන් වැඩිම විදේශ ආදාර ලැබෙන රට ඊජිප්තුවයි. ඒ 1979 සිට වසරකට ඩොලර්  බිලියන 2 පමණ මුදලක්ය. මුබැරෙක්ගේ නරක කල දසාව ආරංචි වුන හැටියේම ඇමෙරිකාවේ කොටස් වෙළඳ පොළ පහත වැටුනේය, තෙල් මිල ඉහල නැග්ගේය. මෙච්චර කරදර ගොඩකට මුහුණ පාමින් සිටින මොවුන්, එත් ලොකුවට කියා සිටින්නේ මුබැරෙක්ට ගෙදර යන්නට කියාය. මෙහෙම වෙලත් වසර තිහක ඊජිප්තු-ඇමෙරිකා මදුසමය ඉවර වන්න යන්නේ ඇයි? බෙලහීන ඊජිප්තු රජයක් සමග යුද වැද ඊශ්‍රායලට  තවත් බූමි බාගයක් අල්ලාගන්ට හැකිවීම නම් විය හැකි දෙයක්.ඇතැම් විට කැරැල්ල  මතින්  කරපිට නැග තමන්ගේ පබයෙක් වන එල් බාරදී ඊජිප්තුවේ පාරාවෝ කරවීම ඇමරිකානු අබිලාශය විය හැක.

මෙතන වෙන්නේ බටහිර යුදෙව්- ක්‍රිස්තියානි අන්තවාදයට එරෙහිව මුලිම් අන්තවාදය ක්‍රියාත්මක වීමක්ය. ඇමරිකාව මුස්ලිම් අන්තවාදයට සහය දෙවි කියල කිසි සෙත් සිතිය නොහැක. මුබැරෙක්ට මක් වේවිද? කොහෙන් ගියත් අන්තිමට පර්දාවට යට වුන දවසට ඊජිප්තු කාරයන්ට තේරේවි කබ  ගෑනිද හොටු ගෑනිද හොඳ කියල.


GroundViews සිංහල-බෞද්ද කමට එරෙහිව cyber ප්‍රහාරයක් එල්ල කරයි.


“Groundviews is Sri Lanka’s first and international award-winning citizens journalism website ”

මේක තමයි Groundviews වෙබ් අඩවියේ ඉහලින්ම සදහන් වන්නේ. පරයාගේ award වගේ නෙවේ මුන්ට award දෙකක්ම ලැබිලත් තියනවලු ජාත්‍යාන්තර මට්ටමින්! ඔවුන් මෙතැනදී කියනවා ලිපියක් ලියන්නේ කොහොමද කියල(වෙනත් වෙබ් අඩවියක වුනත් ඔවුන්ගෙන් එයට සබැදියක් තියනවා). ඒ කියන්නේ ඔවුන් පල කරන ලිපි ඒ වගේම වෙනද ඕනද? අපෝ නෑ!

සංජන හත්තොටුව වනාහි දෙමල ජාතිවාදයට උඩ ගෙඩි දෙන්නෙකි. ඔහුගේ මේ දියවුණු ත්‍රස්තවාදී groundviews වෙබ් අඩවියට පෙර ඔහු පවත්වාගෙන ගිය අන්තගාමි අමු අමුවේ ත්‍රස්තවාදී අදහස් ප්‍රකාශ කල වෙබ් අඩවිය ඔහුට වසා දමන්ටත් සිදුවී ඇත. ෆොනියා කරලියට ගෙන ඒමට දත කෑ මොහු අන්තිමට නහයෙන් අඬ අඬ හිටි අන්දමද අපට හොඳ හැටි මතකය. මොහුගේ එකම අභිලාශය සිංහල-බුද්ධ කමට එරෙහිව නැගී සිටීමයි, ඒ සදහා ඔවුන්ගේ NGO හාම්පුත්තු හොඳට සලකනවා, award දෙනවා, සල්ලි දෙනවා. තව ඉතින් වෙන මොනාද නේ?

සිංහ-බෞද්ද(1) කමට එරෙහි සටනේ නවතම cyber ප්‍රහාරය ඔවුන් දියත් කලේ “Female deities of Theravada Buddhism: Kannagi and Pattini “ යන තේමාවෙන් පල වුන පුවතකින් ය. මේ පෝස්ටය පිළිබද අටුවා ටීක ලිවීම අනවශ්‍යයි. ථෙරවාදයේ දෙවිවරුන් වන්දනා මාන කල බවක් මා නම් දන්නේ නැත. මොහු මෙතනින් කරන්න හදන්නේ කොහෙවත් නැති හත් ඉලවු දේව වන්දනාවක් බෞද්ද කමට ආදාල, බෞද්ද කම දියාරු කර ලොවට පෙන්වීමයි. අපිට මේවට කමක් නැත, මොකද මොකා කිව්වත් අපි අදහන දේ අපි අදහනවා, නමුත් යම් කිසි පුවතක් cyber ගත වීම භයානක වන්නේ මේවා මකා දමන්නට බැරි කරුනු  කාරනා බවට පත් වන හින්දාය. akon ට විරුද්ද වුනු අපේ අය්යල, ධර්මචක්‍ර සපත්තු වලට නටපු අපේ අක්කල, මේවට මොනා කියාවිද දන්නේ නෑ…මොකද මෙය ඒවාටත් වඩා භයානක නිසයි.

 


(1)සිංහල -බෞද්දකම වර්ග වාදී/ගෝත්‍රවාදී  අදහසක් යනුවෙන් කරුණු දක්වන්නෝද අද බොහොමයි. නමුත් මෙහි ඇති වර්ගවාදයක්/ගෝත්‍රවාදයක් නැත. එය වර්ගවාදයක් ලෙස සලකන්නෝ බලන්නේ වර්ගවාදී/ගෝත්‍රවාදී උපැස් අතරින්ය. සිංහල -බෞද්ද යනු දෙමල- හින්දු  සේම ලංකාවේ උප සංස්කෘතියක්ය. එම සංස්කෘතියන්ට ආවේනික ගුණාංග රැක ගැනීම ඒ ඒ සංස්ක්රුතියන්ට අයත්වන පුද්ගලයන්ට පමණක් නොව මුළු ලෝකයේම වගකීමයි. දේදුන්නක් ලස්සන වන්නේ එහි ඇති විවිද පාට හන්ද වාගේම රටක් ලස්සන වන්නේද සංස්කෘතියන්ගේ විවිදත්වයෙන් පෝෂණය වූ විටය. යමෙක් එම සංස්කෘතියන් විකෘතියන් බවට පත් කිරීමට යත්න දරන්නේ නම් එයට විරුද්ද විය යුතුමය. ඇතැමෙක් මෙම බලවේගයන් සිංහල ජාතිවාදය, දෙමල ජාතිවාදය වැනි නම් වලින් ලේබෙල් ගැසීමට  පුරුදු වී සිටින නමුත් තේරුම් ගත යුතු වන්න දෙමල හෝ සිංහල ජාතිවාදී මුහුණත් පසු පස ඇත්තේ බල ලොබී දේශපාලන න්‍යාය පත්‍ර බවය.


සුද්දන්ගේ බිලිඳු ගීත වෙනුවට අපේම බිලිඳු ගීත!


මම කියන්ඩ යන කතාව  නිකන් අහම්බෙන් වගේ මතක් වුනේ, මෙහෙ යන වෙළද දැන්වීමක් දැකල.
ඔය පහත තියෙන්නේ ඒ දැන්වීමයි.

TBS රූපවාහිනී නාලිකාවේ “funniest commercials of 2010” මුල් 10 ඇතුලටත් මෙම වෙළද දැන්වීම ඇතුලත් වී තිබුනා.
මෙම වෙළද දැන්වීමට පාදක වන්නේ “This little piggy”  නමින් බටහිරයන් (අපේ සමහර එකාලත්) ළමයින්ට කියන බිළිඳු ගීයක්. එය නම් මෙසේය…

This little piggy went to market.
This little piggy stayed at home.
This little piggy had roast beef,
This little piggy had none.
And this little piggy went “Wee! Wee! Wee!” all the way home

මේ බිළිඳු ගීයේ අවුලකට තියෙන්නේ, උරු පැටියෙක් හරක් මස් කන එක තමයි (පොඩ්ඩක් හෝව්…කතාව ඉවර නෑ).  උරන් ඕනෙම දයක් කන බව තමයි පැවසෙන්නේ, හරක් මස් වුනත්. (hanible චිත්‍රපටයේ මිනීමරු උරන්ගේ  දර්ශනය නිතෙතින්ම හිතට නැගෙනවා) නමුත් අපේ ඔය කියන “සිංහල බෞද්ද” කියල හදාගත්ත සංස්කෘතියේ හරක් මස් කන එක එච්චර කට්ටියට දිරවන්නේ නෑ. එත් එහම කියන උන්ම තමයි උදේ දවල්  රෑ , කුකුල්ලුන්ට සංග්‍රහ කරන්නේ. ඔන්න හරක් මස් ගැන කියන කොට අද  හරක් මස් ගැන අරුණි ශපිරෝ ලොකු කතාවක් දාල තිබ්බ, කියවල බලන්න වටිනව .(හරක් මස් කවත් නැතත්) මගේ නම් හරක් මස් කන එක පිලිබදව විරෝධයක් නෑ, මොකද කුකුලෙක් කන්ඩ හොඳ නම් හරකෙක් කෑවම මොකෝ? ( හැබැයි මම මස් මාංශ මුකුත්ම කන්නේ නැත්තේ, පින් පව් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි, මගේ පෞද්ගලික රුචි/අරුචි කත්වය හේතුවෙන්) ඉතින් එහෙම හදාගත්තු සංස්කෘතික රාමුවක මේ වගේ බිළිඳු ගී ගැයීම සුදුසු නොවිය ද හැක.

කොහොම හරි මේ බිළිඳු ගීය ගයන විට සෑම පදයකට ඇඟිල්ලක් ගාන්නේ තියනවා (කකුලේ හෝ අතේ, විකිපීඩියාවට අනුව නම් කකුලේ ). ඒකනේ පද පහක් තියෙන්නේ. අවසන් පදේ වේගවත්ව කියන අතර බිලින්දාව කිති කවීමත් කරනවා. පහත විඩියෝවෙන් ටිකක් මේක පැහැදිලි වේවි.

එත් මේකේ සිංහල version එකකුත් තියනවා. මේක මට නම් පොඩි කාලේ කිව්වේ අපේ සීයා. දැන් නම් සීයා මැරිලා ගොඩාක් කල්. මෙන්න මෙහෙමයි එක…

මේකා…  බඩගිනි  බඩගිනි කියනවා
මේකා…  කන්නේ කොහොමද කන්නේ කොහොමද  කියනවා
මේකා…  ණයට කමු ණයට කමු   කියනවා
මේකා…  ණය ගෙවන්නේ කොහොමද    ණය ගෙවන්නේ කොහොමද  කියනවා
මේකා මම පුංචි නමුත්, මම ටිකිරි නමුත්, මම නොවේදැයි ණය ගෙවන්නේ…. (මෙයත් අවසන් වන්නේ කිති කැවීමකින්ම තමයි)

බලන්නකෝ මේකේ තියන සිංහල(සිංහල කිව්වේ මේක සිංහලෙන් තියන හන්ද, නැත්තම් ඉතින් ශ්‍රී ලාංකික කමම තමයි) කම! අපේ එවුන්ට තියන ආර්ථික අපහසුතා, හිතේ තියන ප්‍රශ්න වගේ හැම දෙයක්ම මේකෙන් කියවෙන අපූරුව! මම දන්නේ නෑ අපේ සීයා මේක මට හදල කියපු එකක්ද කියල. හැබැයි මට අදටත් මතකයි.


පුද්ගල චින්තනය ස්ථිතිකද?


ස්ථිතික පුද්ගල චින්තනයන් පිළිබද කතා කිරීමේදී සිතට නිතැතින්ම නැගෙන්නේ, වික්‍රමබාහු ල, නලින් ද සිල්වා ලය. ඔවුන් එදත් කිව්වේ එක දෙයි. අදත් කියන්නේ එකමයි. පෙරලුනු පිට හොඳයි කියල කවදාවත් ඔවුන් කියා නැත. වික්‍රමබාහු සහ නලින් ද සිල්වා යනු සහමුලින්ම විරුද්ද ධ්‍රැව වල චින්තන නිවෙස් තනා ගත් දෙදෙනෙකි. දෙදෙනා සිතන විදිය කතා කරන විදිය සහමුලින්ම වෙනස් ය. නමුත් දෙදෙනාම එදා ගහපු බයිලාව අදත් ගහමින් සිටින්නේය. පෞද්ගලිකව වික්‍රමබාහුගේ මතයට විරුද්ද වුවත් ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගරු කරන්නෙක්මි. ඕනෑම මනුස්සයෙක්ට තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් ඇත. මටත් එහෙම්මමයි.
පුද්ගල චින්තනය ස්ථිතික විය යුතුද යන්න මට ප්‍රශ්නයක් වන්නේ එවිටය. මට ස්ථිතික පුද්ගල චින්තනයක් නැත. තිබිලත් නැත. බොහෝ විට තිබෙන්නේත් නැති වේවි. කුඩා කල මාර්කස් වාදයෙන් බෞද්ද චින්තනයටද පසුව අයාලේ ගිය චින්තනද පසු පස හඹා ගිය මා දැන් ඉන්නේ පටන් ගත් තැනින් වෙනස්ම තැනකය. මගේ චින්තනය (එයට චින්තනයක් කිව හැකිනම්, මන්ද එය ඒක වචනද බහු වචන පදයක්ද කියාවත් මට නොතේරෙන බැවින්) වෙන්සවෙන, ගතික චින්තනයක් ලෙස හැදින්වීමට කැමැත්තෙමි, මන්ද දැනුම ස්ථිතික නැත. දිනෙන් දින තියන දැනුමට අලුත් යමක් එකතු වෙනවා. නැත්තම් තිබ්බ දැනුම අඩු වෙනවා. එවිට සිතන පතන විදියද වෙනස්වෙනවා. ලබන දැනුමට අනුකූලව චින්තනය වෙනස් කරන්නට මම පැකිලෙන්නේ නැත. නමුත් සමහරුන් කෙසේද ස්ථිතික වූ පුද්ගල චින්තනයක් පවත්වාගන යන්නේ? එය හොඳ ගතියක්ද, නරකක්ද? වෙන ලිපි මෙන් නොව මෙය සැබවින්ම මා හට ඇති  පැනයක් ඉදිරිපත් කිරීමක් නිසාවෙන් ඔබට සිතෙන දේ මෙහි කටු ගාන ලෙස ඉල්ලා සිටිමි. ඉස්තූතියි.


කවුද ජාතිවාදියා?


සිංහල ජාතිවාදයට එරෙහිව  නැගෙන හූ හඩවල් බොහොමයි. එය සාදාරනයි. අපි ජාති වාදය පරාජය කල යුතුයු. නුඹත් සිංහල, දෙමල, මුස්ලිම් යනු ජාතීන්ද ජන වර්ගද? අපි සියල්ලෝම ශ්‍රීලාංකික ජාතියක් නොවේද? මධුර ශබ්දකෝෂයට අනුවනම් ethnicity  යනු ජනවර්ග ය. ethnicity යනුවෙන් අර්ථ දැක්වෙන්නේ, එකම සංස්කෘතික අනන්යත්වයක් ඇති පිරිස් සමූහනයක්, බොහෝවිට එකම ආගමක්, භාෂාවක්, හා සංස්කෘතික පදනම් මොවුන්ට ඇත. race අර්ථ දක්වා ඇත්තේ “a human population, that is believed to be distinct in some way from other human beings based on real or imagined physical differences ” යනුවෙනි. එහිදී වැඩි පුර සැලකිල්ලට ගැනේන්නේ ජන  කොට්ටාසයක ජීව විද්‍යාත්මක/බෞථික වෙනස්කමයි. මේ දෙකේ තියන ප්‍රදානතම වෙනස්කම වනුයේ පුද්ගලයන  අයත් විය හැක්කේ එකම ජාතියකට  වුවත් ඔවුන්ට වෙන් වෙනම ජන වර්ග වලට අයත්විය හැකි බවයි. දෙමළුන්  සිංහලුන් සහ මුස්ලිම් කාරයන් ජීවවිද්‍යාත්මකව නම් එතරම් වෙනස් කමක් නැති බවයි පැවසෙන්නේ. නමුත් සංස්කෘතිමය වශයෙන් යම් යම් වෙනස් කම් තිබේ. එනයින් සිංහල දෙමල මුස්ලිම් යනු ජන වර්ග තුනක් නමුත් එකම ජාතියකි. ඒ ශ්‍රී ලාංකීය ජාතියයි. වචන මොනා යෙදුවත් තේරුම දෙන්නේ මිනිසාමයි. මිනිසා විසින් වචන හදා ගත්තා මිසක්, වචන විසින් මිනිසා හැඩගැස්වීම සිදු නොවිය යුතුයු. බොහොම සිංහල වචන වලට සමාන සුද්දගේ වචන නොමැත.

ලංකාවේ කිසිම දිනක ජන වාර්ගික ප්‍රශ්නයක් තිබී නැත. ඇත්තෙත් නැත, ඇති වෙන්නෙත් නැත. තිබුනේ, තියෙන්නේ, තිබිය හැකි වන්නේ දේශපාලනික ප්‍රශ්න වැරදි අර්ථකතනයන්ට ලක් කිරීම පමණයි. මා මෙසේ ප්‍රකාශ කරන්නේ අද ඊයෙක සිට නොවේ. සාමය පිළිබද යාතිකා ගයන්නේද අද ඊයෙක සිට නොවේ. තම තමන්ගේ  සිවිල් වියාපෘති මුදුන්පමුනුවාගනු වස්,   මෙසේ නැති දෙයක් ඇති කරගනිමින් ලොවටම යාතිකා ගයන්නෝ බිහි වුනේද අද ඊයෙක සිට නොවේ. එසේ නම් ජනවාර්ගික ප්‍රශ්නයක්  ඇතැයි හෝ නැතිය කිව හැක්කේ කෙසේද?

මා සිංහල- බෞද්දයෙක්මි. මා ඉගෙනුම ලැබුයේ, බහු- ආගමික, බහු-වාර්ගික (ඒක ලිංගික) පරිසරයක් තුලයි. මෙම විෂම වූ අධ්‍යාපනික පරිසරය තුල සිංහල, දෙමල,  මුස්ලිම් , බර්ගර්, මැලේ, (ක්‍රිස්තියානි , කතෝලික, හින්දු, ඉස්ලාම්), මේ සියල්ලෝම මගේ මිතුරන් වූහ. එකට සෙල්ලම් කලෝය. ගෙවල් ගානේ ගියෝය. අපි අතරේ වත් අපේ දෙමා පියන් අතරේ වත්  ගට්ටනයක් කිසිම දිනක නම් දුටුවේ නැත. මගේ දෙමාපියන් කිසිම දිනක “අර ළමය මේ ජාතියේ හන්ද උඹ ඒක එක්ක සෙල්ලම් කරන්ඩ එපා” කියල කියා නැත. එසේ වූයේ සියලුම වර්ගයෝ එකට සතුටින් ජීවත් වුනේ රට “ජනවාර්ගික” යයි ඇතැමෙක් විසින් ලේබල් ගැසූ යුද්දයක නියලී සිටි වකවානුවකදීය.  එනයින් මගේ අර්ථ දැක්වීම අනුව අප රටේ ජන වාර්ගික අර්බුදයක් තිබුනේ නැත. ජනවාර්ගික යුද්දයක් තිබුනේ නැත. ජන වර්ග අතරේ ප්‍රශ්න තිබුනේ නැත, ඇත්තේ නැත, තියෙන්නේද නැත. (මෙය මගේ ජීවිතයට පමණක් සීමාවූ අත්දැකීමක් ලෙස කවුරු හරි කියනවානම් ඉතින් මා වැරදි විය හැක.)

නමුත් කොහෙවත් නැති දේශපාලනික ප්‍රශ්නයකට අදාළ  නොවන අර්ථකතන දෙන කපුටන්ද බොහොමයි. පිටස්තරය නමින් හැදින්වෙන එකාද එහෙම එකෙකි. මෙම කපුටන්ද වර්ග දෙකකි. සිංහල-ජාති වාදී කපුටෝ, සහ දෙමල ජාති වාදී කපුටෝ.දෙමල ජාතිවාදී කපුටෝ දෙසන්නේ අප රටේ තියෙන්නේ දෙමල ජාතිවාදයක් බවත්, සුළුතර දෙමළුන් බහුතර  සිංහලුන්ගේ අයිතීන් උදුරා ගන්න බවත්ය. මොවුනට කදිම උදාහරණයක් වන්නේ, සිහල ඌරුමීයන් රැලය. සිංහල ජාති වාදී කපුටන් දෙසන්නේ අප රටේ තියෙන්නේ සිංහල ජාතිවාදයක් බවත්, සිංහලයන් දෙමලුන්ව තලා පෙලා දැමූ/දමන  බවත්ය මෙයට අවස්ථානෝචිත උදාහරණය වන්නේ පිටස්තරයාමය

මා මොහුගේ බොගය කියවන්නට වූයේ කොහේ හරි වැදගත් යමක් ලියා ඇතැයි සිතමින්ය. ඔහු හොඳ රචකයෙක්. එහි විවාදයක් නැත. ඉතාමත් හොඳ රචකයෙකි. ඔහුගේ වචන වලින් මිනිසුන්ගේ හැන්ගීම් වලට ඔහු කතාකරයි. එමගින් තමන්ගේ වල්බූත අදහස් මිනිසුන්ගේ කරමත තියයි. කියවන්නෝද ලස්සනට හන්ගීම්බරව ලියූ ගොබ්බ අදහස් වලට ඔල්වරසන් දෙයි. හුරේ දමයි! ඔහු බොහෝ තැන් වල කෙලින්ම හෝ වක්‍රාකාරව පවසන්නේ සිංහල ජාතිවාදයක් ගැනයි. සිංහලුන් දෙමලුන්ව තලා පෙලා දැමූ බවයි. ඔහුගේ අය්යාගේ දුක්බර කතාව යහමින් මාර්කට් කරන මොහු ලියු දේ කියවන මට තවත් ලියන්ට බැරි බොහෝ කතා මතක් වෙයි. ඒ දුක්මුසු කතාවට වශී වන්නෝ කදුළු සලයි, “අනේ මොහු මේ ඇත්ත නේද කියන්නේ” කියල ඔහුගේ පටු ජාතිවාදී කතා අනුමත කරයි.

මම නම් මායින් ගමක ජීවත්වී නොමැත. ජීවිතෙන් වැඩි මනක් කල් ගත කලේ කොළබය. එවිට ඇතැමෙක් කියාවි මට පිටස්තරය මෙන් මායින් ගම ගැන කතා කිරීමට අයිතියක් නැති කියා. ඔවුන් හරි වන්නටත් ඉඩ ඇති. නමුත් මම බොරුවක් කියමි. මම ඉපදී හැදී වැඩුණේ මායින් ගමකය, මගේ ආච්චි මරක්කලය, ඒ කාලේ මහේමයි අරමයි කියල. ඔබ මා පිලි ගනීවිද? පිටස්තරය බොරු කාරයෙකු යයි නොකියමි. නමුත් එසේ වීමටත් 50% සම්බාවිතාවයක් ඇති බව පමණක් කියමි. ඔහුගේ කතා හරියට අපේ ගෙදරට දිනක් පැමිණි යෙහෙව්වගේ සාක්ෂි කරුවා ගේ කතා තරම්ම ආකර්ශනීයයි.

මා නැවතත් කියන්නේ දෙමල හෝ සිංහල ජාති ජන වාර්ගික ප්‍රශ්නයක්  ලංකාවේ නොමැත. ඇත්තේ දේශපාලනික ප්‍රශ්නයක් පමණයි. නැති ප්‍රශ්න ඇති කර ගත නොයුතුයි. දේශපාලනික ප්‍රශ්නයෙන් 50% දැනට ඉවරයි. දැන් තියෙන්නේ ඔය දේශපාලනික ප්‍රශ්නය ජන වාර්ගික ප්‍රශ්නයක් ලෙස ලේබල් ගසන්නන්ව නැසීමයි (බෞථික මරණය නොවේ, චින්තනමය මරණයක්).

ලංකාවේ ප්‍රශ්නවල සුල මුල ලිවීමට තරම් මා ඉතිහාසය දන්නේ නැත. එය දැන ගත යුතුද නැත. අප පැවතෙන්නේ විජයගෙන්ද රාවනාගෙන්ද, දෙමළුන් ලංකාවට ආවේ කවදාද? ඔවුන් මෙහෙ හිටියාද? මේ සියල්ලම අනවශ්‍ය ප්‍රශනය. ඉතිහාස යනු කතාවකි. ලස්සනට ගෙතු කතාවකි. එහි විද්‍යාත්මක පදනම ලෙසේ සැලකෙන්නේ අතීත පුරාවස්තූන්ය.  නමුත් පුරාවස්තූන් තැනීය හැක බිදිය හැක. ලෙහෙසියෙන් ඇති කල හැකි නැති කල හැකි දෙයක ස්ථිරසාර පදනමක් නැත. එහෙයින් ඉතිහාසයට ස්ථීරසාර පදනමක් නැත. අද දිනද අලුත් ඉතිහාසයක්  නිර්මාණය කල හැක. එසේ බොරු ඉතිහාසයන් ගොඩනගන්නට යත්න දරන්නන්ගෙද්ද අඩුවක් නැත. බොරු හෝ හරි ඉතිහාසයෙන් ඇත්තටම පලක් වේද?දන්නේ නැති ඉතිහාසයක් පිලිබදව කට මැත දෙඩවීම ගොබ්බ කමකි. නමුත් මෑත වකවානු පිළිබද ලිකිත ප්‍රභවයන් බොහොමයක් අපට ඇත. 1833 කොල්බ්රූක් කොමිෂම වැනි දෑ පිළිබද අපට ඇත්තේ එක මූලාශ්‍රයක්ම පමණක් නොවේ. එහෙයින් එය සත්‍යක්‌ වන්නට ඇති ඉඩ කඩ වැඩිය. එවැනි පදනම් වල පිහිට කතා කිරීම නුවනට හුරුය. මා තව දුරටත් මෙම “ජන වාර්ගික ප්‍රශ්නය” යන කල්පිතය පිලිබදව කතා කිරීමට අකමැත්තෙමි, බොරුවක් ගැන කතා  කිරීමෙන් වන්නේ බොරුවට පන පෙවීමක් පමණි. සිංහල ජාතිවාදය පිලිබදව කතා කරන පිටස්තරය වන්නන්න්ට මට කිව හැක්කේ, නලින් ද සිල්වා මහතාගේ ප්‍රභාකරන් ඔහුගේ “සීයලා, බාප්පල සහ මස්සිනාලා” යන පොත (මෙය නොමිලේ බාගත හැක)  කියවන ලෙසයි. නලින් ද  සිල්වා මහතාගේ ජාතිය සහ ආගම පිලිබදව දක්වන කරුණු පිලිබදව මම එතරම් එකග නොවුවත්, මෙහිදී ඔහු ගෙන හැර දක්වන පිළිගත හැකි ඉතිහාසය පිළිබද කරුණු කාරනා ඉතාමත් වැදගත් යයි සිතමි. එම කරුණු කාරණා පිටස්තරයාගේ සීනිබෝල සුටික්කන්ගේ කතා වලට වඩා නම් හා දහස් ගුණයකින් වැදගත්ය. අභාග්‍ය වන්නේ, අනර්කලීට චන්දය දුන්න ජාතියක් වන අපට ගැලපෙන්නේ පිටස්තරයාගේ සුටික්කන්ගේ ලෝක වලට ගැලපෙන කතා වීමය.