GroundViews සිංහල-බෞද්ද කමට එරෙහිව cyber ප්‍රහාරයක් එල්ල කරයි.


“Groundviews is Sri Lanka’s first and international award-winning citizens journalism website ”

මේක තමයි Groundviews වෙබ් අඩවියේ ඉහලින්ම සදහන් වන්නේ. පරයාගේ award වගේ නෙවේ මුන්ට award දෙකක්ම ලැබිලත් තියනවලු ජාත්‍යාන්තර මට්ටමින්! ඔවුන් මෙතැනදී කියනවා ලිපියක් ලියන්නේ කොහොමද කියල(වෙනත් වෙබ් අඩවියක වුනත් ඔවුන්ගෙන් එයට සබැදියක් තියනවා). ඒ කියන්නේ ඔවුන් පල කරන ලිපි ඒ වගේම වෙනද ඕනද? අපෝ නෑ!

සංජන හත්තොටුව වනාහි දෙමල ජාතිවාදයට උඩ ගෙඩි දෙන්නෙකි. ඔහුගේ මේ දියවුණු ත්‍රස්තවාදී groundviews වෙබ් අඩවියට පෙර ඔහු පවත්වාගෙන ගිය අන්තගාමි අමු අමුවේ ත්‍රස්තවාදී අදහස් ප්‍රකාශ කල වෙබ් අඩවිය ඔහුට වසා දමන්ටත් සිදුවී ඇත. ෆොනියා කරලියට ගෙන ඒමට දත කෑ මොහු අන්තිමට නහයෙන් අඬ අඬ හිටි අන්දමද අපට හොඳ හැටි මතකය. මොහුගේ එකම අභිලාශය සිංහල-බුද්ධ කමට එරෙහිව නැගී සිටීමයි, ඒ සදහා ඔවුන්ගේ NGO හාම්පුත්තු හොඳට සලකනවා, award දෙනවා, සල්ලි දෙනවා. තව ඉතින් වෙන මොනාද නේ?

සිංහ-බෞද්ද(1) කමට එරෙහි සටනේ නවතම cyber ප්‍රහාරය ඔවුන් දියත් කලේ “Female deities of Theravada Buddhism: Kannagi and Pattini “ යන තේමාවෙන් පල වුන පුවතකින් ය. මේ පෝස්ටය පිළිබද අටුවා ටීක ලිවීම අනවශ්‍යයි. ථෙරවාදයේ දෙවිවරුන් වන්දනා මාන කල බවක් මා නම් දන්නේ නැත. මොහු මෙතනින් කරන්න හදන්නේ කොහෙවත් නැති හත් ඉලවු දේව වන්දනාවක් බෞද්ද කමට ආදාල, බෞද්ද කම දියාරු කර ලොවට පෙන්වීමයි. අපිට මේවට කමක් නැත, මොකද මොකා කිව්වත් අපි අදහන දේ අපි අදහනවා, නමුත් යම් කිසි පුවතක් cyber ගත වීම භයානක වන්නේ මේවා මකා දමන්නට බැරි කරුනු  කාරනා බවට පත් වන හින්දාය. akon ට විරුද්ද වුනු අපේ අය්යල, ධර්මචක්‍ර සපත්තු වලට නටපු අපේ අක්කල, මේවට මොනා කියාවිද දන්නේ නෑ…මොකද මෙය ඒවාටත් වඩා භයානක නිසයි.

 


(1)සිංහල -බෞද්දකම වර්ග වාදී/ගෝත්‍රවාදී  අදහසක් යනුවෙන් කරුණු දක්වන්නෝද අද බොහොමයි. නමුත් මෙහි ඇති වර්ගවාදයක්/ගෝත්‍රවාදයක් නැත. එය වර්ගවාදයක් ලෙස සලකන්නෝ බලන්නේ වර්ගවාදී/ගෝත්‍රවාදී උපැස් අතරින්ය. සිංහල -බෞද්ද යනු දෙමල- හින්දු  සේම ලංකාවේ උප සංස්කෘතියක්ය. එම සංස්කෘතියන්ට ආවේනික ගුණාංග රැක ගැනීම ඒ ඒ සංස්ක්රුතියන්ට අයත්වන පුද්ගලයන්ට පමණක් නොව මුළු ලෝකයේම වගකීමයි. දේදුන්නක් ලස්සන වන්නේ එහි ඇති විවිද පාට හන්ද වාගේම රටක් ලස්සන වන්නේද සංස්කෘතියන්ගේ විවිදත්වයෙන් පෝෂණය වූ විටය. යමෙක් එම සංස්කෘතියන් විකෘතියන් බවට පත් කිරීමට යත්න දරන්නේ නම් එයට විරුද්ද විය යුතුමය. ඇතැමෙක් මෙම බලවේගයන් සිංහල ජාතිවාදය, දෙමල ජාතිවාදය වැනි නම් වලින් ලේබෙල් ගැසීමට  පුරුදු වී සිටින නමුත් තේරුම් ගත යුතු වන්න දෙමල හෝ සිංහල ජාතිවාදී මුහුණත් පසු පස ඇත්තේ බල ලොබී දේශපාලන න්‍යාය පත්‍ර බවය.


10 responses to “GroundViews සිංහල-බෞද්ද කමට එරෙහිව cyber ප්‍රහාරයක් එල්ල කරයි.

අභීතපුත්‍ර වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න